Colombo Today Local News

රජයේ අමතර වියදම් වලට කෝටි 1904 ක් ඉල්ලයි

රජයේ වියදම් සඳහා අමතර ප්‍රතිපාදන සපයා ගැනීමට රුපියල් කෝටි 1904ක තවත් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරිණි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කළේය.

මේ පරිපූරක ඇස්තමේන්තුව මගින් විදේශයන්හි තානාපති කාර්යාලවලට වාහන මිලදී ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයට රුපියල් කෝටි අටකට වැඩි මුදලක්ද එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු පිළිබඳ ව්‍යාපෘතියේ විදයම් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට රුපියල් කෝටි 151ක මුදලක් ද ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයට රුපියල් කෝටි 18ක මුදලක් ද වෙන් කර ඇත.

මෙයට අමතරව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ මහපොළ ශිෂ්‍යත්වය සඳහා විදයදම් වෙනුවෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට රුපියල් කෝටි 125ක මුදලක් ද වෙන් කර තිබේ. සමූද්‍රීය ආරක්ෂක ශක්‍යතා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යංශයට කෝටි 266 කට වැඩි මුදලක් ද දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 260ක මුදල්ක වෙන් කර තී ඇතැයි පරිපූරක ඇස්තමේන්තුවේ සඳහන් වෙයි.

Related posts

මහපාරේ කැපුම් තුවාල සහිත තරුණයෙකුගේ මළ සිරුරක්

colombotoday

මියන්මාරයේ සිර දඬුවම් විඳි ලාංකික ධීවරයින් 7කට නිදහස

colombotoday

අලුත් ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍යය ඇමතිවරු මෙන්න….

colombotoday

මම ක්‍රිකට් ඇමති නොවේ.. සියලුම ක්‍රීඩා කටයුතු ගැන සොයා බලනවා – නව ක්‍රීඩා ඇමති නාමල් කියයි

colombotoday

නිරෝධායන නීති කැඩූ තවත් 502ක් අත්අඩංගුවට

colombotoday

ජේ.ආර් ජයවර්ධන මධ්‍යස්ථානයේ අක්‍රමිකතා පරීක්ෂණ නැවතුනේ චමල් ආණ්ඩුවට එක්වෙන නිසා?

colombotoday