Colombo Today Local News

මියන්මාරයේ සිර දඬුවම් විඳි ලාංකික ධීවරයින් 7කට නිදහස

මියන්මාරයේ සිර භාරයට ලක්ව සිර දඬුවම් විඳිමින් සිටි ලාංකික ධීවරයින් 7 දෙනෙකුට මියන්මාර රජය සමාව ලබා දී තිබේ.

මියන්මාර මුහුදු සීමාවට ඇතුළු වීමේ චෝදනා මත අදාළ ලාංකික ධීවරයන් 7 දෙනා රැගත් තුෂාන් පුතා යාත්‍රාව මියන්මාර අත්අඩංගුවට පත් වූයේ, පසුගිය 2021 වසරේදීය.

අත්අඩංගුවට පත් යාත්‍රාවේ නායකයාට වසර 7 ක සිර දඬුවමක් නියම වූ අතර කාර්ය මණ්ඩලයට නියම වූ සිර දඬුවම් කාලය වසර 5කි.

විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරන්නේ, මියන්මාරය හා ශ්‍රී ලංකාව අතර පවතින සුහද ද්වීපාර්ශවීය සබ දතා සහ මානුෂීය හේතූන් සලකා බලා මියන්මාර රජය මෙම ලාංකික ධීවරයින්ට සමාව ලබා දී ඇති බවයි.

යැංගොන්හි ඉන්සයින් බන්ධනාගාරයේ රඳවා සිටි ලාංකික ධීවරයන් පී.සී.ආර්. පරීක්ෂණ අවසන් කිරීමෙන් පසු ලබන 6 වනදා මෙරටට ගෙන්වා ගැනීමට නියමිත ය.

Related posts

අලුත්ගම නගරයේ තවත් වෙළඳසැල් පහක් වැසේ

colombotoday

බඳින තුවක්කුවක් පත්තු වී දරුවෙකු රෝහලේ

Admin

ඡන්ද විමසීමේ කාලය පැයකින් දිර්ඝ කෙරේ

colombotoday

ලංකාවෙි ව්‍යාපාර ගොඩනැගීම ගැන මාරි ඇන්ටෝනියා වොන් ෂොන්බර්ග් ගෙන් සහතිකයක්

Admin

කොරෝනා වෛරසය හෙම්බිරිසාවට සමානයි. – මහාචාර්ය තිස්ස විතාරණ කියයි

colombotoday

මහාපරිමාණ සහල් මෝල් හිමියන් ජනාධිපති ලේකම් අන්දවලා! නීතියට පිටින් සහල් මිල වැඩි කරලා!

colombotoday