Colombo Today Local News

යූරියා මිල අද සිට පහළ ට

රුපියල් 10,000කට ලබාදුන් යූරියා පොහොර මිටිය අද (15) දිනයේ සිට රුපියල් 9,000කට ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පසුගිය කාලයේ රුපියල ශක්තිමත්වීමත්, වියදම් අඩු කරගැනීම මත ගොවි ජනතාවට එම වාසිය ලබාදීමට හැකිවූ බවද ඔහු පවසයි.

මෙම කන්නය සඳහා මඩ පොහොර නොමිලේ ලබාදීම ක්‍රියාත්මක කළ බවත් බණ්ඩි පොහොර මිල රුපියල් 4,500 කින් අඩුකර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සමහර නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා ගොවීන්ට නිසි වේලාවට පොහොර නොලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග දැනටමත් ගෙන තිබෙන බවත් ඉදිරියේදී ගොවි ජනතාවට සේවය කිරීමට කටයුතු නොකරන නිලධාරීන්ගේ තරාතිරම නොබලා කටයුතු කිරීමට පසුබට නොවන බවත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරයි.

Related posts

කැසිනෝ බදු ගැන මුදල් ඇමතිගෙන් හෙළිදරව්වක්

Admin

තොටිල්ලක ගෙල සිරවී දරුවෙක් ජීවිතක්ෂයට

Admin

මහනුවර පොලිතින් භාවිතය තහනම් !

colombotoday

මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Admin

විග්නේෂ්වරන් උතුරේ ස්වයංපාලනය ඉල්ලද්දී, ලෝකය දිනා ජනපති මෛත්‍රී කටුනායකින් බහී !

colombotoday

සජිත් සාටකයක් පැළඳ පාර්ලිමේන්තුවට එයි

Admin