Colombo Today Local News

යනකොට අනුන්ගේ ඇඳුම් අරගෙන යන්න එපා- රනිල්ගෙන් ඉල්ලීමක්

මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂ දෙකක් නොමැති බවත් ඇත්තේ එක්, එක්සත් ජාතික පක්ෂයක් පමණක් බවත් එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ (28)දින මීගමුවේ පැවති එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්විමට එක්වෙමින් ඒ මහතා එසේ පැවසීය.

ඩි.එස් සේනානායක මහතා විසින් ඇති කරපු එක්සත් ජාතික පක්ෂය විසින් රට බේරාගත් බවත්, එම පක්ෂය සියලුම පාක්ෂිකයන්ගේ ජීවිතයේ කොටසක් බවට පත්ව ඇති බවත් ඒ මහතා පැවසීය.

නියම එක්සත් ජාතික පාක්ෂිකයෙකු නම් එක්සත් ජාතික පක්ෂ සෙවනේ සිට ගත යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

“කිසිවිටෙක හිතන්න එපා වෙන පක්ෂයකට දෙන ඡන්දයක් එක්සත් ජාකිත පක්ෂයට දෙන ඡන්දයක් කියලා. මේ ඡන්දයේ දී අනික් බලවේගයත් එක්සත් ජාතික පක්ෂයට බනිනවා” යැයි වික්‍රමසිංහ මහතා පැවසීය.

“අපේ මතයට කැමති නැතිනම් එතෙන්ට යන්න හැබැයි අනුන්ගේ ඇඳුම් අරගෙන යන්න එපා, අනුන්ගේ කුඩේ අරගෙන යන්න එපා, අනුන්ගේ තොප්පිය අරගෙන යන්න එපා, නැතිනම් පන්සලෙන් යනකොට කියන්නේ අනුන්ගේ සෙරෙප්පු කූට්ටම අරගෙන යන්න එපා” යැයි රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන අධ්‍යයනයට විශේෂඥ කමිටුවක්

colombotoday

බිලියනයක රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි ශ්‍රීලනිප මහ ලේකම්ට එරෙහිව ජනිපෙ අල්ලස් කොමිසමට යයි

colombotoday

රුසියානු ගුවන් යානා නඩත්තු කිරීමේ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවට !

colombotoday

තත්පුලන මනෝගනේශන් ගේ කතාවට ප්‍රකෝප නොවෙන්නැයි මහජන ආරක්ෂක ඇමති ජනතාවගෙන් ඉල්ලයි

Admin

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා අද කැබිනට් මණ්ඩලයට

Admin

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට නව සභාපතිවරයෙක්

colombotoday