Colombo Today Local News

“මොන බාධක ආවත් ජනාධිපතිවරණයට එනවා”

කවුරු කුමක් කීවත්, කුමන බාධා දැම්මත් තමන් මෙවර ජනාධිපතිවරයට අනිවාර්යෙන්ම ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

“සජිත්ට දෙන්නේ නැහැ” යනුවෙන් අද ඇතැමුන් භුමිතෙල් ගෑවුණු ගැරඩියන් සේ දඟලන බව කී අමාත්‍යවරයා ජාති, ආගම්, කුල, මළ, පක්ෂ, පාට භේදයෙන් තොරව සියලු දෙනාගේ ආශිර්වාදයෙන් තමන් අපේක්ෂකත්වය ලබා ගන්නවා පමණක් නොව ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම ජය ගන්නා බවත්, මේ එළැඹ තිබෙන්නේ සජිත් ප්‍රේමදාස යුගය බවත් පැවසීය.

පොහොට්ටුවේ ලොකු ඇත්තන්ද “සජිත්ට අපේක්ෂකත්වය ජීවිතයට දෙන්නේ නැහැ” යනුවෙන් රටේ වටේම ප්‍රකාශ කරමින් යන බවත් ඔවුන් එලෙස ප්‍රකාශ කිරීම පුදුම සහගත කාරණාවක් බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ඇතැමුන් තමන් එනවාට බිය වී ඇති අතර අද ඔවුන්ට “සජිත් ප්‍රේමදාස භීතිය” නමින් චිත්‍රපටියක් වුවත් නිර්මාණය කළ හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, වීරකැටිය, මුලන්යාය ප්‍රදේශයේ ඉදිකළ “සතොස්මාතාගම”, “සිරිකතමව්ගම”, “සසිරිමාගම” සහ “සසෙත්මාතාගම” යන උදා ගම්මාන 4 ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ (15) සහභාගි වෙමිනි.

මෙය “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 283, 284, 285 සහ 286 වන ආදර්ශ ගම්මාන වේ.

Related posts

සයිටම් විරෝධී සිසුන්ට කදුළු ගෑස් සහ අධි පීඩන ජළ ප්‍රහාර

colombotoday

ශ්‍රී ලංකාවට IMF ණය මුදල ලැබෙන හැටි

Admin

නියම වෙලාවට උකුසු ගැහිල්ලක් මං ගහනවා !

colombotoday

28 හැවිරිදි තරුණියක් දුම්රියට පැන සියදිවි නසාගනී

Admin

පෙබරවාරියේ උද්ධමනය ඉහළ ගිහින්

colombotoday

රන්ජන් ජානකී විජේරත්නට ඉගැන්වූ ශුක්‍රාණු පාඩම (Voice)

colombotoday