Colombo Today Local News

මෛත‍්‍රී, මහින්ද, එස්.බී., දයාසිරි සමඟ සංවාද හතක් රන්ජන් පාර්ලිමේන්තුවට දෙයි

අගමැති මහින්ද රාජපක්‍ෂ, හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, එස්. බී. දිසානායක, දයාසිරි ජයසේකර යන මහත්වරුන් සමඟ සහ මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ පෙර විවාහයේ බිරිඳ සමඟ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා සිදුකළ දුරකථන සංවාද හතක් සහිත සී. ඞී. පටයක් ඔහු විසින් පාර්ලිමේන්තුවට භාර දී ඇත.
 
 හිටපු ජනාධිපති සහ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ කරන ලද දුරකථන සංවාද හතරක් ද මේ අතර වන බව රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා පැවසීය.
 
 මහින්දානන්ද අලූත්ගමගේ රාජ්‍ය ඇමැතිවරයාගේ පෙර විවාහයේ බිරිඳ වන ආශා මහත්මිය සමඟ කරන ලද දුරකථන සංවාදයක් ද එහි ඇතුළත් බව ද හෙතෙම සඳහන් කළේය.
 
 මෙම සී. ඞී. තැටිය පසුගියදා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත තමන් භාරදුන් බව ද රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් පැවැසීය.

Related posts

සුළු ආගමිකයින් සහ ඔවුන්ගේ පූජනීය ස්ථාන ආරක්ෂා කරනු – ඇමරිකාව ශ්‍රීලංකා රජයට දන්වයි

colombotoday

2020 දුම්කොල තහනමත් කටින් බතල හිටවීමක් ?

colombotoday

වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක්

colombotoday

බොරැල්ලේ සිරිසුමන හිමිට වරෙන්තු

Admin

මුවන්පැලැස්සේ “මැණිකේ“ – රත්නාවලී කැකුණවෙළ මහත්මිය දිවියෙන් සමුගනී

colombotoday

මිනුවන්ගොඩ ඝාතන සිදු කළ ප්‍රධාන වෙඩික්කරු අල්ලයි

Admin