Colombo Today Local News

මිළ කල නොහැකි ශ්‍රී ලංකාවේ පුරා වස්තු තොගයක් ඇමරිකාව හොරෙන් උස්සලා !

ශ්‍රී ලංකාවේ සිට නැව්ගත කරන ලද බවට සැකකරන අතිවිශාල පුරාවස්තු ප්‍රමාණයක් පසුගිය වසරේදී ඇමරිකාවේ ඔලැන්ඩෝහි පිහිටි පෞද්ගලික සමාගමක් වෙත යවා ඇතැයි සුප්‍රසිද්ධ Live Science වෙබ් අඩවිය වාර්තා කරයි.

ඔලැන්ඩෝහි පිහිටි Ripley’s Believe it or Not නම් පෞද්ගලික සමාගම සහ එහි කෞතුකාගාරය අසාමාන්‍ය වස්තූන් සහ කෞතුක වස්තූන් සඳහා ප්‍රචලිත ආයතනයකි.

මෙම ආයතනයට පුරාවස්තු තොගය අදාළ ඇමරිකානු සමාගම වෙත මියාමි වරාය ඔස්සේ ලැබී ඇත්තේ 2019 වසරේ ජුනි 15 වැනිදාය.

මෙම පුරාවස්තු තොගයේ භාණ්ඩ 125ක ලැයිස්තුවක් අන්තර්ගතව ඇති අතර ඒවා බහලුම් (කන්ටේනර්) 03කින් ප්‍රවාහනය කර ඇත. ඒවායේ බර කිලෝග්‍රෑම් 19,575ක් ලෙස නෞකා​ වාර්තාවේ සටහන්ව ඇති අතර ඒවායේ ඇස්තමේන්තු වටිනාකමත් නෞකා සමාගම විසින් අනාවරණය කර නැත.

Live Science වාර්තාව ඔස්සේ සැකපහළ කර ඇත්තේ 1983 – 2009 යුද වකවානුවේදී උතුර – නැගෙනහිර පළාත්වල පැවැති පුරාවිද්‍යා ස්මාරක ඇසුරින් රැස් කරගන්නා ලද පුරාවස්තු තොගයක් මෙලෙස රහසිගත ලෙස නැව්ගත කර ඇති බවයි.

Related posts

අගමැතිගේ තීරණයකට ජනපති එරෙහි වෙයි.. ආණ්ඩුව ගිණියම් වෙයි.. ‘සම්මුතිය‘ දෙදරණ ලකුණු !

colombotoday

සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවට

Admin

2023 සාමාන්‍ය පෙළ විභාගය ඇරඹේ

Admin

අරලියගහ මන්දිරයට විදුලිය ගන්නෙත් ජෙනරේටරයෙන්… ඔබත් එහෙම විදුලිය ගන්න – අගමැතිගෙන් උපදෙස්

colombotoday

ජවිපෙ ඒකමතිකව තීන්දු කරයි.. මන්ත්‍රී හයම විශ්වාසභංගයට පක්ෂයි

colombotoday

දකුණේ ධාවනයට නව ලංගම බස් 65ක්

colombotoday