Colombo Today Local News

මාසයක් ඉතිරිව තිබියදී හදිසියේම ලංකාවට ආ හේතුව බැසිල් කියයි…

තවත් මාසයක පමණ කාලයක් ඇමෙරිකාවේ සිටීමට අධිකරණයෙන් අවසර තිබුණත් තමා ශ්‍රී ලංකාවට නියමිත දිනට කලින් පැමිණියේ ආණ්ඩුවට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ගෙන යන අරගලයට සහාය දැක්වීමට බව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

මාස දෙකකට ආසන්න කාලයක් ඇමෙරිකාවේ වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් සිටි තමා එම ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව 25 වැනි දින යළි ශ්‍රී ලංකාවට පැමිණි බවත් ඔහු සඳහන් කළේය.

වර්තමානයේ ඇති වී ඇති ප්‍රවණතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමා අද හෙටම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කරන බවද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Related posts

මහ බැංකුව පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ විවාදයට නොගෙන කල් දමයි

Admin

ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට – විදේශිකයෙකුත් ඒ අතර

Admin

“බංකොළොත් දේශපාලනයට සිංහල බෞද්ධ යැයි බලයක් ලබා නොදිය යුතුයි” – තලතා කියයි

colombotoday

මීද්දරමුල්ලේ වෙඩිතැබීම ගැන සෙවූ පොලිස් සුනඛයා කරන්දෙණිය යුද හමුදා කඳවුරට රිංගයි

Admin

ජෙරම් ප්‍රනන්දු යළි රිමාන්ඩ්

Admin

සුදු වෑන් නැතිව පාතාලය මර්ධනය කරනවා – පොලිස්පති

colombotoday