Colombo Today Local News

මාස 11ක කාලයකදී අලි ඇතුන් 350ක් මරුට

මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට නොවැම්බර් 30 වැනිදා දක්වා කාලය තුළදී අලින් හා ඇතුන් තුන්සිය පනහක් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

එම කාලය තුළ අලි-මිනිස් ගැටුම නිසා පුද්ගල මරණ එකසිය තුනක් සිදුව තිබෙන අතර, ගෙවීගිය මාස 11ක කාලය තුළ අලි ඇතුන් මියයාම සඳහා අලි-මිනිස් ගැටුම් හා ස්වාභාවික හේතූන් බලපා තිබෙන බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වසරේ ගෙවීගිය කාලය තුළ මියගිය අලි ඇතුන්ගෙන් හයදෙනෙකු දුම්රියේ ගැටීමෙන් මියගොස් ඇත.  

පසුගිය වසරේදී සමස්ත කාලය තුළ අලි ඇතුන් තුන්සිය දහනවයක් මියගොස් තිබෙන අතර, ඉන් දහසය දෙනෙකු දුම්රියේ ගැටීමෙන් මියගොස් ඇති බවද වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

පසුගිය වසරේදී අලි-මිනිස් ගැටුම නිසා පුද්ගල මරණ අනූදෙකක් සිදුව තිබෙන අතර, පසුගිය වසරට සාපේක්‍ෂව මේ වසරේදී අලි ඇතුන් මියයාම හා පුද්ගල මරණ ඉහළ ගොස් තිබේ.

Related posts

“උද්ඝෝෂණ, වැඩවර්ජණ කරාට වැඩක් නෑ.. සයිටම් වහන්නේ නෑ“ – ඇමති කිරිඇල්ල

colombotoday

පෝර්ට් සිටී, ගොඩකල බිමේ ගොඩනැගිලි හැදීම ඇරඹෙයි !! (Photo)

colombotoday

චීන විද්‍යාත්මක පර්යේෂණ යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොටට

colombotoday

තලංගම හෝටලයක කාන්තා මළ සිරුරක්

Admin

ආණ්ඩුවේ පිරිසකගේ අලුත් අගමැති කෙනෙක් ගේන්න බලා පොරොත්තුවක්

colombotoday

සංශෝධනය වූ අධිවේගී මාර්ග බස් ගාස්තු මෙන්න

Admin