Colombo Today Local News

මාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකරු අධිකරණයට භාර වෙයි…

මාතර ඇලවේල්ල පාරේ උපකාරක පංතියක් අසල සිදුවූ පිහි ඇණුමකින් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාර සිසුවා අද (26) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.

ඒහිදී අධිකරණය නියෝග කළේ සැකකරු ලබන මස 03 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

මාතර ඇල්වේල්ල පාර ප්‍රදේශයේ පෞද්ගලික පන්තියක් ආසන්නයේ දී පසුගිය 24 වැනිදා උසස් පෙළ සිසුවෙකුට තවත් සිසුන් තිදෙනෙකු විසින් පහරදී පසුව එක් සිසුවෙකු විසින් පිහියකින් ඇන ඝාතනය කර තිබුණා.

සිද්ධියට සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලදී සැකකරුවන් පැමිණි යතුරුපැදිය අද සොයාගෙන තිබුණා.

අපරාධය සඳහා යොදාගත් මෙම යතුරුපැදිය මාතර වෙලේ වත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

Related posts

සහල් ගැන නිවැරදි තොරතුරක් නෑ

Admin

මහ කන්නයේ සිට එළවළු ගොවීන්ටත් යුරියා පොහොර අඩුවට දෙන්න තීරණයක්

Admin

ණය ගැනීම හැර වෙනත් විකල්පයක් නෑ

Admin

නවක වධය දරාගන්න නොහැකිව මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු සියදිවි නසාගනී

colombotoday

මධූෂ්ගේ අනියම් බිරිඳට අයත් වාහන දෙකක් STF භාරයට

colombotoday

“අර්ජුන් සුද්ද කරන්න සුජීව කෝප් කමිටුවට දාලා.. රනිල්ට ජිල්මාට් දාන්න දෙන්න බෑ” – වමේ කේන්ද්‍රය

colombotoday