Colombo Today Local Newsfeatured

නවක වධය දරාගන්න නොහැකිව මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු සියදිවි නසාගනී

නවක වධය හේතුවෙන් ඇති වූ මානසික පීඩනය දරා ගැනීමට නොහැකිව මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ හෝමාගම, දියගම තාක්ෂණ ආයතනයේ පළමු වසරේ සිසුවකු සිය ගෙවත්තේ ගසක එල්ලී පෙරේදා (31දා) සියදිවි නසාගෙන ඇත. එසේ මියගොස් ඇත්තේ කුරුණෑගල, කුඹුක්ගැටේ, වඩුවාවල ප්‍රදේශයේ පදිංචි ශනිල්ක දිල්හාන් විජේසිංහ නමැති 23 හැවිරිදි සිසුවෙකි. 

පළමුව යාපනය විශ්වවිද්‍යාලයේ මාස හයක කාලයක් ඉගෙනුම ලබා ඇති ශනිල්ක සිසුවා පසුව ඉහත කී හෝමාගම, දියගම තාක්ෂණ ආයතනයට පැමිණ එහි මාස එකහමාරක් (1 1/2) ජාතික විද්‍යා තාක්ෂණ ඩිප්ලෝමාව හදාරා ඇති බවත් එහිදී ඔහු එකී නවක වධයට ලක්ව ඇති බවත් අනාවරණය වෙයි.

එකී නවක වධ සිද්ධිය හේතුවෙන් මානසික පීඩනයට පත් ඔහු කුරුණෑගල ප්‍රදේශයේ මනෝ වෛද්‍යවරයකුගෙන් අවස්ථා කීපයකදී ප්‍රතිකාර ලබාගෙන ඇති බවද දැනගන්නට තිබේ. 

එසේ ප්‍රතිකාර ලබාගෙන ඇති නමුත් ඉහත කී තාක්ෂණ ආයතනයෙන් ඔහුට නිතර නිතර ලබාදී ඇති නවක වධය දරා ගැනීමට නොහැකිව ඔහු එම ආයතනය තුළ ක්‍රියාත්මක නවක වධ සිද්ධීන් පිළිබඳ ලිපියක්ද ලියා එසේ සියදිවි හානි කරගෙන ඇති බව අනාවරණය වෙයි. 

එම සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් ඊයේ (01දා) සිදු කර ඇති අතර එය ගෙල වැලලාගෙන සිදු කරගත් සියදිවි නසා ගැනීමක් බවට අනාවරණය වී ඇත.

Related posts

යාපන සරසවි ඉතිහාසයේ මුල්වරට දෙමළ සිසුන් සිංහල ආරක්ෂක අංශ නිලධාරියෙකුගේ ගුණ සමරයි

colombotoday

පාස්වර්ඩ් අමතකයි කි ඇලෝසියස්ගේ දුරකථනයේ ගිණුමට බිරිද කරන්න ගිය දේ මාට්ටුයි !

colombotoday

ජනපති පොරොන්දුවක් ඉටු කරයි… වතු කම්කරු වැටුප රු 1000 දක්වා ඉහළට !

colombotoday

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන අද සිට සංශෝධනය කෙරේ…

Admin

පළාත් 4ක රජයේ වෛද්‍ය නිලධාරීන් අද වර්ජනයක…

Admin

2017 දී දැනුම් දුන් තුර්කි ත්‍රස්තයන් ගැන විමර්ශනත් ඇණහිටලා – වසන්ත සේනානායක

colombotoday