Colombo Today Local News

සහල් ගැන නිවැරදි තොරතුරක් නෑ

රට තුළ පවතින සහල් තොග පිළිබඳව නිවැරැදි තොරතුරු නොමැති බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

එය විශාල ගැටලුවක් වී තිබේ.

ලේඛන වල සහල් අතිරික්තයක් පැවතුනද වෙළඳ පොළේ සහල් හිඟයක් පවතියි.

ඒ හේතුවෙන් සහල් තොග පිළිබඳ තොරතුරු රැස්කිරීමට විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කරන බව පැවසීය.

සහල් මිල ඉහළ දැමීම සඳහා කූඨ ලෙස ඇතැම් මෝල් හිමියන් සහල් තොග සඟවා සිටින බවට රජය සතුව තොරතුරු තිබේ.

මෙම තත්වයන් වාර්ෂිකව සිදුවෙයි.

මේ අතර ඉදිරියේදී මහ පරිමාණ සහල් මෝල් හිමියන්ට ණය ලබාදීමේදී දැඩි කොන්දේසි පනවන බව පැවසීය.

ජනතාවට හිඟයකින් තොරව සහල් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව පැවසීය.

වෙළඳ පොළේ පවතින නාඩු සහල් හිඟයට කෙටිකාලීන විසඳුමක් ලෙස නාඩු සහල් කිලෝ මෙට්ට්‍ර්ක්ටොන් 70000ක් කඩිනමින් ආනයනය කිරීමට කටයුතු කරයි.

Related posts

සියලුම සමාජ මාධ්‍ය වහාම සක්‍රීය කරන්න – මහජන උපයෝගිතා කොමිෂමෙන් දැනුම් දීමක්

colombotoday

මා ජනාධිපතිවීම වලක්වන්න කුමණ්ත්‍රනයක් ක්‍රියාත්මකයි

Admin

මැති සබේදී වයසක මනමාල ඇමතිලාගෙන් මන්ත්‍රීවරියන්ට ලිංගික හිරිහැර !

colombotoday

ඉස්ලාම් අන්තවාදීන් ආගමේ නාමයෙන් ලොවපුරා 13000ක් මරා දමලා…

colombotoday

ශ්‍රිලනිපයෙන්, මෛත්‍රීගෙන් සමාව ගනු.. නැතිනම් ඉල්ලා අස්වී යනු ! – මහින්දට අවසන් නියෝගය නිකුත් කෙරේ

colombotoday

නව ව්‍යවස්ථාවට එරෙහි වන අයට සිපිරිගෙය ! පනත ලෑස්තියි…

colombotoday