Colombo Today Local News

මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කිරීමෙන් සිදුවූ හානිය ගැන ඇමති ප්‍රසන්න වාර්තාවක් කැඳවයි

යහපාලන රජය සමයේ මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කිරීමෙන් සිදුවූ හානිය පිළිබඳව නිවැරදි තක්සේරුවක් සිදුකර වහාම වාර්තාවක් ලබාදෙන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගුවන්තොටුපළ බලධාරීන්ට දැනුම් දී තිබේ.

සතියක කාලයක් තුළ එම වාර්තාව තමන් වෙත ලැබිය යුතු බව ගුවන්තොටුපළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා දැනුම් දී ඇත.

මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කිරීමෙන් සිදුවූ හානිය පිළිබඳ ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම විසින් මේ දක්වා නිවැරදි තක්සේරුවක් සිදුකර නොමැති බවට වෘත්තීය සමිති නියෝජිතයින් විසින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට පෙන්වා දී තිබුණි.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් එම සමාගමේ මූල්‍ය ප්‍රධානියාගෙන් විමසූ විට ඔහු ද එය පිළිගෙන ඇති අතර ඒ පිළිබඳ නිවැරදි තක්සේරුවක් සිදුකිරීම අත්‍යාවශ්‍ය බව අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

2015 යල කන්නයේ දී මත්තල ගුවන්තොටුපළේ රුපියල් කෝටි 200කට අධික වටිනාකමින් යුතු ගොඩනැගිල්ලක වී ගබඩා කිරීම මගින් එම ගොඩනැගිල්ලේ වායු සමීකරණ පද්ධතියට, විදුලි පද්ධතියට, විදුලි ආලෝක පද්ධතියට හානි සිදුව ඇති බවට ඒ පිළිබඳ සොයාබැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ දී අනාවරණය වී තිබුණි.

මත්තල ගුවන්තොටුපළ ස්වභාවික මරණයකට ලක්කිරීමේ අරමුණින් යහපාලන රජය එම ගුවන්තොටුපළ නොසලකා හැරි බව පෙන්වාදෙමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව එම ගුවන්තොටුපළ සක්‍රීය ගුවන්තොටුපළක් බවට පත්කිරීම සඳහා පියවර ගනිමින් සිටින බවය.

Related posts

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීට ජනපති ශෝකය පළ කරයි

Admin

රෝහල් තුළ මෘත ශරීරාගාරවල තදබදයක් – කළුතර සියලු ආදාහනාගාරය පැය 24ම ක්‍රියාත්මකයි

colombotoday

මෙවර ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට ජනපති අබුඩාබි බලා පිටත් වෙයි

colombotoday

අගමැතිට එරෙහි විශ්වාසභංගය කවදාවත් එන්නෙ නෑ… එහාට – මෙහාට වැනෙනව විතරයි

colombotoday

සෝභිත හිමියන්ගේ සැක කටයුතු අපවත්වීම ගැන වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරන්න.. අධිකරණය අවසර දෙයි !

colombotoday

දුමින්ද සිල්වාට සාධාරණයක් ලැබුණේ නැහැ – ජනාධිපති නීතීඥ අනිල් සිල්වා

colombotoday