Colombo Today Local News

බේරේ වැව රේඛීය උද්‍යානය ජනපති අතින් ජනතා අයිතියට

කොළඹ නගරයේ ජල මූණත් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධනය කරන ලද බේරේ වැව නැගෙනහිර ඉවුර සංරක්ෂණය හා රේඛීය උද්‍යානය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (12) පෙරවරුවේ සිදු විය.

කොළඹ අගනගර ආශ‍්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකු ආධාර මගින් මෙම සංවර්ධන කටයුතු සිදු කෙරේ.

ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත බේරේ වැවෙහි ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය ද කඩිනමින් කි‍්‍රයාවට නංවන ලෙස ජනාධිපතිතුමා මෙහිදී අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.

අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, මහින්ද සමරසිංහ යන මහත්වරුන් ද, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා ඇතුළු නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

තොණ්ඩමන් ආණ්ඩුවට…

colombotoday

මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ආගමික නායකයන් හමු වෙයි

colombotoday

ජනපතිගෙන් කතානායකට පොරොන්දුවක්…

colombotoday

කේරළ ගංජා කියා ලක්ෂ හතරකට තණකොළ විකුණන්න හදලා

colombotoday

“පාර්ලිමේන්තුවේ ‘අන්න හොරා‘ කියන පික්පොකට් කාරයා”.. ජනපතිගේ සැර කනේ පහර කාටද [Video]

colombotoday

වැලිපැන්නේදී හෙරොයින් ග්‍රෑම් 22ක් සමග පුද්ගලයෙක් කොටු

colombotoday