Colombo Today Local News

බුදුරුව සහිත සාරියක්‌ ඇන්ද කතක් පොලිස් අත්අඩංගුවට

බුදුරුව සහිත සාරියක් අඳි කාන්තාවක් කටුගස්‌තොට පොලිස්‌ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මඩකලපුව, කලවංචිකුඩි ප්‍රදේශයේ සිට මහනුවර පැමිණ තිබෙන ඇය පොලොන්නරුව බලා පෞද්ගලික බස්‌ රථයකින් යමින් සිටියදී බසයේ මගීන් මෙම කාන්තාව නීතිය හමුවට යොමු කළ යුතු බව කියමින් මගින් විසින්ම පොලිසියට කළ දැනුම් දීම ඔස්‌සේ කටුගස්‌තොට පොලිස්‌ නිලධාරීන් විසින් ඇයව (21)දින අත්අඩංගුවට ගෙන ඇත.

බුදුරුව මුද්‍රණය කළ රෙද්දකින් නිමැවූ සාරියක්‌ ඇඳ මහනුවරට පැමිණි තිස්‌ දෙහැවිරිදි මෙම කාන්තාව ගම්පොළ ප්‍රදේශයේ පෞද්ගලික මූල්‍ය ආයතනයක රැකියාවක්‌ සඳහා සම්මුඛ පරීක්‍ෂණයකට පැමිණි බව ඇය විසින් පොලිසියට පවසා ඇත.

බස්‌ රථයේ මගීන්ගෙන් දැඩි විරෝධයක්‌ එල්ල වීමෙන් පසු මහනුවර කොට්‌ඨාසය බුද්ධි තොරතුරු ඒකකයට මගියකු ඒ බව දැනුම් දී තිබේ. පසුව කටුගස්‌තොට පොලිසියට අනුයුක්‌ත කොට්‌ඨාස බුද්ධි නිලධාරියා කටුගස්‌තොට පොලිසිය අසලදී අදාළ බස්‌ රථය නවතා එම කාන්තාව බස්‌ රථයෙන් බස්‌සවා පොලිසියට භාරයට ගෙන ඇත.

සංහිඳියා පනත යටතේ ආගම් අතර ගැටුමක්‌ ඇති වන ආකාරයේ කටයුත්තක්‌ සිදු කිරීමේ චෝදනා යටතේ අදාළ කාන්තාව අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.

කටුගස්‌තොට පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඩබ්ලිව්. එම්. එස්‌. උවින්දසිරි මහතාගේ මෙහෙයවීම යටතේ විමර්ශන සිදු කෙරෙයි.

Related posts

ජනපතිට කෝටි 60ක සැප කාර් දෙකක් ගෙන්වයි.. බදු සහන දෙන්නැයි රේගුවට දන්වයි

colombotoday

රක්ෂිතවලින් කැපූ ලක්ෂ 5ක වෙනිවැල්ගැට තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවේ

colombotoday

අගමැතිගෙන් නිවේදනයක්

colombotoday

තමන්ගේ නොහැකියාව වසා ගැනීමට තෙල්දෙණිය සිද්ධිය අගමැති පාවිචිචි කළා – ඥානසාර හිමි

colombotoday

අමාත්‍යාංශ වියදමට ෆොන්සේකා කෝටි 59ක් ඉල්ලයි.. පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

colombotoday

අතුරුදන්වූ පනත සම්මත වූදා එජාපය එක්ක දැමූ ඩීල් එක ගම්මන්පිල හෙළි කරයි

colombotoday