Colombo Today Local News

බන්ධනාගාර සිරකරුවෙකුට සූක්ෂම ලෙස හෙරොයින් රැගෙන ආ කාන්තාවක් හසු වෙයි

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙකුට ලබාදීමට හෙරොයින් රැගෙන ආ කාන්තාවක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය හෙරොයින් ග‍්‍රෑම් 5කට ආසන්න ප‍්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 3 කට ආසන්න ප‍්‍රමාණයක් රැගෙනවිත් තිබූ බවයි වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් පවසයි.

බෙහෙත් ආලේපනයක ඉතා සූක්‍ෂම ලෙස සගවා මෙම මත්ද්‍රව්‍ය සිරකරුවෙකුට ලබාදීමටයි එම කාන්තාව උත්සාහ කර ඇත. පසුව ඇය බොරැල්ල පොලීසියට භාරදී තිබේ.

වැල්ලවත්ත ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 65 ක් වන මෙම කාන්තාවද හෙරොයින් පානයට ඇබ්බැහි වූ තැනැත්තියක් බවයි පොලීසිය පැවසයි. ඇය මීට පෙර බන්ධනාගාරගත වූ තැනැත්තියක් බවද විමර්ශනවලදි අනාවරණ වී තිබේ. ඇය අද (03)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කරන්න ජපනය සමඟ සාකච්ඡා අරඹයි

Admin

සුනඛයෙක් අපයෝජනයට කල චෝදනාවට හිරුණිකාට, ආදර්ශාට ආශුගෙන් එන්තරවාසියක්

Admin

සියලුම බස්වලට CCTV සවි කරන්න පියවර

Admin

කවුරුන් කොහොම කීවත් රජුන් තනන්නා මමයි !

colombotoday

අවාරයේ ශ්‍රී පාදස්ථානයට යන දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර ගන්න වෙයි

Admin

මට ඇත්තේ උදාගම් 20.000ක් හදා ජනතාවට පූජා කිරීමේ නැටුම පමණයි…

colombotoday