මෙවර උසස්පෙළ විිභාගයේ කළා අංශයේ දිවයිනේම පළමු ස්ථානය ලබාගත් සිසුවිය ජාත්‍යන්තර පාසලකින් බිහිවූයේ කුමන්ත්‍රණයක් නිසා බව හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙක් මෙන්ම, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන බන්දුල ගුණවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ඔහුගේ මෙම ප්‍රකාශය බොහෝ පිරිසකගේ විවේචනයට ලක්කළ අතර ඒ පිළිබඳව අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ යම් ගැටලුවක් ඇත්නම් එ් පිළිබඳව අවධානය යොමුකිරීමේදී ළමුන්ගේ සාර්ථකත්වයට හානියක් නොවන අයුරින් සිදුවිය යුතු බවයි.
එසේම ජාතික මට්ටමේ විභාගයකට දැරුවන් මුහුණ දීමේදී ඔවුන් දේශීය හා ජාත්‍යන්තර ලෙස බෙදා වෙන් නොකළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
Free education is essential in ensuring children receive the opportunities they deserve. There shouldn’t be a discrimination between local & international schools for national exams & if there are concerns they should be addressed without disrupting the children’s achievements https://t.co/kfkeM0IOXL
— Namal Rajapaksa (@RajapaksaNamal) January 1, 2019