Colombo Today Local News

බන්දුල රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය ප්‍රතික්ෂේප කරයි

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

තමන්ට හිමි වී ඇති ඇමතිධුරයේ රාජකාරි සහ වගකීම් ඉටුකිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට අවශ්‍ය බව පවසමින් ඔහු මෙම ධුරය ප්‍රතික්ෂේප කර ඇත.

තමන්ට පවරා ඇති අතිරේක වගකීම් වලින් තමන් නිදහස් කරන්නැයි ද ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබේ.

කැබිනට් ප්‍රකාශක ධුරය සඳහා බන්දුල ගුණවර්ධන මහතා යෝජනා කර ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් වන අතර ඒ සඳහා සුදුසු වෙනත් පුද්ගලයෙක් යෝජනා කරන්නැයි ගුණවර්ධන මහතා විසින් ඉල්ලීමක් කර ඇත.

Related posts

සෞදි අරාබියෙන් පැමිණි 6 දෙනෙකුට කොරෝනා

colombotoday

බඳින තුවක්කුවක් පත්තුවී දරුවෙකුට තුවාල

Admin

ඩොලර් බිලියන 1.8ක ආයෝජන මෙරටට

Admin

රටට ආදරය කරන, දේශීයත්වය අගයන, දූෂණයෙන් තොර අගමැතිවරයෙක් අවශ්‍යයි….

colombotoday

ජාතීන් අතර ගැටුම් ඇවිලවීමට උත්සහා කරන අන්තවාදීන්ට වහාම දඩුවම් දෙන්න….

colombotoday

කොරෝනාවෙන් රට බේරාගන්න මුහුදට බිලිවෙන්න මං සූදානම් – පවිත්‍රාදේවී

colombotoday