Colombo Today Local News

පොහොට්ටුවෙන් ජනපතිවරණයට ඉදිරිපත් වෙන්නේ මමයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියයට පනස් එක ලෑස්ති වුණොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ තමා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා පැවසීය.

පක්ෂය තමාට කොන්දේසි දහයක් දුන් බවත් එම කොන්දේසි අනුව තමාගේ සැලසුම් සියල්ල සකස් කර අවසන් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

එම කොන්දේසි දහය අනුව රක්ෂා හදන්නේ කොහොමද, ආර්ථිකය ගොඩ දාන්නේ කොහොමද, යන්න සම්බන්ධයෙන් සැලසුම් සකස් කළ බවද ඔහු කීවේය.

“මම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක්. අපි බලමු මොකද වෙන්නේ කියලා. ජනාධිපතිවරණයට තව දවස් 115 ක් තියෙනවා” ධම්මික පෙරේරා මහතා මෙසේද පැවසීය.

Related posts

අතුරුදහන් වූවන්ට යුක්තිය ඉටු විය යුතුයි – ජාතික හෙළ උරුමය

colombotoday

පළමු වසරේ ළමුන්ට ලිංගික දැනුම දෙන්න අධ්‍යාපන අමාත්‍යාංශය අනුමැතිය දෙයි

colombotoday

තැන තැන කියවන්නේ නැතිව එළියට ගියා නම් හොඳයි – නාමල් ශ්‍රීලනිපයට කියයි

colombotoday

රසායනික පොහොර ආනයනය කර දෙන බව පවසා ලක්ෂ 160ක් ගැරූ අයෙක් අල්ලයි

Admin

සතෝස ශාඛා රැසක රාක්ක හිස්

colombotoday

රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තු ගෞරවයට හා උත්තරීතර භාවයට හානි කරනවා – හිටපු කථානායක කියයි

colombotoday