Colombo Today Local News

පෑලියගොඩදී පොලිසියට වෙඩි – නිලධාරීන් දෙදෙනෙක් ජාතික රෝහලට

පෑලියගොඩ – බුළුගහහන්දිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අද පස්වරුවේ මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත්තේ් පෑලියගොඩ පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරින් දෙදෙනෙක්.

ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සදහන් කළේ සිද්ධියෙන් ඔවුන් දෙදෙනා සුළු තුවාල ලබා ඇති බවයි.

පෑලියගොඩ බුළුගහහන්දිය ප්‍රදේශයේ ගමන් කරමින් තිබූ මෝටර් රථය ආසන්නයට පැමිණි පුද්ගලයෙකු එම රථයකට වෙඩි තැබීමට උත්සාහ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.

එය ව්‍යර්ථ කිරීමට රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් දෙදෙනා එම ස්ථානයට පැමිණ තිබෙනවා. එහිදී ඔවුන්ට ද වෙඩි වැදී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

Related posts

පන්සල මූලිකව ගම ගොඩනගන සැලැස්ම ගෝඨාගෙන්

colombotoday

ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළට

colombotoday

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙන්න නවසීලන්තය එකඟයි

Admin

සම්පායෝ යළි රිමාන්ඩ්

colombotoday

උද්ඝෝෂණ, වර්ජන මඩින්න ෆොන්සේකා යටතේ විශේෂ බළකායක් !

colombotoday

පුපුරන ද්‍රව්‍ය ගෙනාවේ ප්‍රහාරයකට බව ස්ථීරයි – උතුරේ හමුදා ප්‍රධානීන් කියයි

colombotoday