Colombo Today Local News

පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල කරනවා කියා ඇමතුම් දුන් මොහොමඩ් අත්අඩංගුවට

පොලිස් හදිසි ඇමතුම් අංකය අමතා පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල කිරිමේ සූදානමක් ඇති බවට අසත්‍ය තොරතුරු ලබාදුන් පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ පිළිබඳව අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ පැය 24ක් තුළ මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වූ බවයි.

“පසුගිය සිකුරාදා රාත්‍රියේ 119 මධ්‍යස්ථානයට තොරතුරක් ලැබෙනවා. එම තොරතුරෙන් කියවුණේ පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවත් පිටකොටුව ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියක පුද්ගලයින් 8ක් එක්වෙලා සැලසුම්කළ බවටත් එයින් එක් අයෙක් මහරගම පදිංචි බවටත්ය. තවත් අයෙක් බම්බලපිටියේ පදිංචි බවට කියවුණා.

මේ තොරතුර සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළා. මේ විමර්ශනයේදී අණාවරණය වුණා ලබාදුන් තොරතුර අසත්‍ය බව. පසුව මෙම තොරතුර ලබාදුන් පුද්ගලයාගේ දුරකතන අංකය ඔස්සේ විමර්ශන ආරම්භ කළා.

දුරකතන කුළුණු ඔස්සේ විමර්ශනය කර මෙම අසත්‍ය තොරතුරු ලබාදුන් පුද්ගලයා ඇල්ල පොලීස් වසමේදී අත්අඩංගුවට ගත්තා.

මෙම සැකකරු අහමඩ් භාවා මොහොමඩ්  නැවැති අවුරුදු 57ක පුද්ගලයෙක්.

මොහු බොරුල්ලේ පදිංචිකරුවෙක්. මොහු ඇල්ල ප්‍රදේශයේ නිවසක කුලියට පදිංචිව සිටියදී අත්අඩංගුවට ගත්තා. මොහු ව්‍යාජ තොරතුරු ලබාදුන් දුරකතනය හා සිම්කාඩ්පත සොයාගත්තා.

රට තුළ අනියත බියක් ඇතිකර සාමකාමී තත්ත්වය කඩකිරීමට ව්‍යාජ තොරතුර ලබාදුන් බවට තොරතුරු අණාවරණය කරගෙන තිබේ. සැකකරු පිටකොටුට පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන විමර්ශන සිදුකරනවා”

Related posts

පොලිස් නිලධාරීන්ගේ ගැටලු විසදන්න විශේෂ යාන්ත්‍රණයක්

colombotoday

කොවිඩ් එන්නත් ලබාගැනීමේ සම්බන්ධීකරණය ලලිත් වීරතුංගට

colombotoday

ජාතික නාළිකාව බුදු රුවට නිගා කරයි !

colombotoday

ශුද්ධ වූ නෝම්බි මාසේ උද්ඝෝෂණයට සහබාගී වෙන්න – ගුවන් විදුලියේ හිටපු සභාපති සිද්ධි ෆාරුක් මුස්ලිම් සමාජයෙන් ඉල්ලයි

colombotoday

විශ්වාසභංගයට පෙර අවසන් වරට අගමැති රනිල් ජනපති හමුවෙයි.. සාකච්ඡා තීරණාත්මකයි

colombotoday

ශ්‍රී ලංකාවේ 7 වන කොරෝනා මරණය වාර්තා වේ.

colombotoday