Colombo Today Local News

පාර්ලිමේන්තු ඉතිහාසය වෙනස් කළ ජනපති මෛත්‍රී

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය තුළ ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීමකට එක්වූ පළමු අවස්ථාව ලෙස සටහන් කරමින් පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (11දා) පෙරවරුවේදී එක්ව තිබේ.

ත‍්‍රස්තවාදය වැළැක්වීමට අවශ්‍ය නීති සංශෝධනය සහ නව නීති පැනවීම කඩිනම් කිරීමට ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දී තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ගතයුතු තීන්දු තීරණ කිසිසේත් ප‍්‍රමාද නොකළ යුතු අතර ඒ වෙනුවෙන් ගතයුතු තීන්දු තීරණ එම මොහොතේදී ම නිසි පරිදි ගැනීම ඉතා වැදගත් බව ජනපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

ජාතික ආරක්ෂාව ප‍්‍රධාන තේමාව කර ගනිමින් ආගමන හා විගමන කටයුතු, ත‍්‍රස්තවාදයට මුදල් සැපයීම, වෙබ් ප‍්‍රකාශ සහ අසත්‍ය ප‍්‍රචාර, සයිබර් ආරක්ෂාව, අධ්‍යාපන ක‍්‍රමය ආදි  ක්ෂේත‍්‍ර ගණනාවක් පුරා විහිද යන ප‍්‍රධාන අංශ 15ක් යටතේ කරුණු සොයා බැලීම මෙහිදී සිදු කෙරෙයි.

එම වාර්තාව නුදුරේ දී ම පාර්ලිමේන්තුව වෙත භාරදීමට නියමිතය. මෙම කමිටුවේ සභාපතිත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා විසින් දරනු ලබයි.

Related posts

කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලා උතුරේ හර්තාල්.. කඩ සාප්පු වසා දැමේ.. ජන ජීවිතය අඩාලයි.. පාසලුත් වසයි !

colombotoday

නඩත්තු කටයුතු ප්‍රමාද කර විදුලි බිල අඩුකිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා – නොයෙල් ප්‍රියන්ත

Admin

පුදුකුඩිඉරිප්පුවෙන් අත්බෝම්බ 18 ක් සොයාගනියි

colombotoday

සුදු මල්ලී හෙරෝයින් සමග පොලීසියට කොටු වෙයි

colombotoday

කාර්යාල දුම්රිය ගමන්වාර 12ක් අවලංගු වෙයි

Admin

අද සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 12.5% කින් ඉහළට

Admin