Colombo Today Local News

පානදුර OIC අධිවේගී යතුරු පැදි දෙකක ගැටෙයි

පානදුර උතුර, හේනමුල්ල මංසන්ධියේ දී අධිවේගී යතුරු පැදි දෙකක ගැටී පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයා තුවාල ලබා තිබේ.

අද (15)දින අලුයම 1ට පමණ, නීති විරෝධී යතුරු පැදි ධාවන තරගයක් පැවැත්වෙන බවට පානදුර උතුර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ස්ථානාධිපතිවරයා එම ස්ථානයට ගොස් තිබුණි.

එහිදී පොලිස් ජීප් රථය මාර්ගයේ නතර කර ඉදිරියට යමින් සිටි ස්ථානාධිපතිවරයාගේ එක් යතුරුපැදියක් ගැටී ඇති අතර, අනෙක් යතුරුපැදිය ද වේගය පාලනය කර ගත නොහැකිව පොලිස් ජීප් රථයේ ගැටී අනතුරට ලක්ව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබු ස්ථානාධිපතිවරයා හා යතුරු පැදිකරුවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පානදුර උතුර පොලීසිය අනතුර සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්න පොලීසිය කල ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

බදු වැඩි කිරීම ගැන ඉතා සතුටුයි.. දුප්පතුන්ට කිසි අවුලක් නෑ.. වරද රාජපක්ෂලාගේ

colombotoday

“කාන්තන්කුඩි, කල්මුනේ ප්‍රදේශවල නිතරම මුස්ලිම් ගැටුම්” – එම්. ඉන්තිකාබ් (සුන්නහ් ට්‍රුස්ට් ශ්‍රී ලංකා)

colombotoday

ගෝඨාභය පුටින් වගේ

colombotoday

අද කොටුවට එන විරෝධතාකරුවන්ට අධිකරණයෙන් නියෝගයක්

Admin

මෝටාර් උණ්ඩයක කොටසක් පිපිරී සිසුවෙක් රෝහලේ

colombotoday