Colombo Today Local News

පශ්චාත් මැතිවරණ සමය සාමකාමි බව කැෆේ සංවිධානය කියයි

පශ්චාත් මැතිවරණ සමය සාමකාමී බව කැෆේ සංවිධානය පවසයි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා පෙන්වාදුන්නේ මැතිවරණයෙන් පසු ගෙවුණු සතිය පුරා කළ නිරීක්ෂණවලින් පශ්චාත් මැතිවරණ සමය සාමකාමී බව නිරීක්ෂණය කළ හැකිවූ බවය.

පශ්චාත් මැතිවරණ සමය තුළ කැෆේ සංවිධානයට පැමිණිලි 39ක් ලැබී ඇති බවත් ඒවා එතරම් බරපතළ සිදුවීම් නොවන බවත් කැෆේ විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මේ අතරින් බහුතරය වාර්තා වී ඇත්තේ මැතිවරණ නීති නොතකමින් නීතිවිරෝධී ලෙස රථ පෙළපාලිවල නිරතවීම ආදී කරුණු බව ද කැෆේ විධායක අධ්‍යක්ෂවරයා පැවසීය.

සිවිල් සංවිධාන දියත් කළ වැඩසටහන් මෙන්ම මැතිවරණ නීතිය ඉතා හොඳින් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවර පශ්චාත් මැතිවරණය සමය සාමකාමී වූ බව ද කැෆේ විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

Related posts

නාගානන්ද කොඩිතුවක්කු ටැක්ටරයේ ගොස් බැලුමේ එල්ලෙයි

colombotoday

මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

colombotoday

පාර්ලිමේන්තුව හෙට කැදවනවා…

colombotoday

එළ ගවයන් 21ක් මස්කල දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

යතුරුපැදි අනතුරකින් හමුදා සෙබළක් මිය යයි

colombotoday

හිටපු මහබැංකු අධිපතිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට FCIDයට අවසර..

colombotoday