Colombo Today Local News

පල්ලියක් අසලින් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4ක් හා ඩෙටනේටර් තොගයක් සොයා ගනී

යාපනය නගරයේ කතෝලික පල්ලියක් ආසන්නයෙන් අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 3 ක් සමගනින් ඩෙටනේටර් තොගයක් ඊයේ (14) දින සවස සොයාගත් බවට යාපනය පොලිස් විශේෂකාර්ය බලකාය පවසයි.

යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් යුද හමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව යාපනය සෙන්පැටික්ස් කතෝලික පල්ලියක් ආසන්නයේදී සඟවා තිබියදී මෙම පුපුරණද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

එහිදී පාර්සලයක ඔතා සඟවා තිබූ පුපුරණද්‍රව්‍ය කිලෝ 4 යි ග්‍රෑම් 3 ක ප්‍රමාණයක් සහ විදුලි නොවන ඩෙටනේටර් 10 ක් තිබී පොලිස් විශේෂකාර්ය බලකා සෙබලුන් විසින් සොයාගනු ලැබීය.

අදාල පුපුරණද්‍රව්‍ය තොගය සඟවන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර ඒවා යම් විනාශයක් සඳහාද එසේත් නැතිනම් මසුන් ඇල්ලීම සඳහා යමෙක් රැගෙනවිත් සඟවන්නට ඇත්දැයි යන්න පිළිබඳව සෙවීම සඳහා විශේෂ පරික්ෂණයක් ආර්ම්භ කොට ඇති බවටද යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පවසයි.

පොලිස් විශේෂකාර් බලකායේ කලාප අණදෙන නිලධාරී හා ප්‍රාදේශීය අණදෙන නිලධාරීවරුන්ගේ උපදෙස් හා අධීක්ෂණයන් මත යාපනය පොලස් විශේෂකාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක අශෝක් කුමාර් මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් විසින් මෙම පුපුරණද්‍රව්‍ය තොගය සොයාගනු ලැබීය.

Related posts

කනේ පහර සංහිදියා නාට්‍ය සී.ඩී. තැටි සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයට

colombotoday

ඇමරිකා තානාපතිනිය හා ජනපති අතර හමුවක්

colombotoday

නීතිවිරෝධීව ආනයනය කල මිලියන 300ක කරුංකා CID භාරයට

colombotoday

නව ව්‍යවස්ථාවෙන් ෆෙඩරල් ගේන්න හදන වෑයම රාජපක්ෂලා කඩාකප්පල් කරන්න හදනවා – සම්බන්ධන්

colombotoday

උමාරා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට කැඳවයි

Admin

පිදුරංගලට පස්ස හරවා ජාතියට හෙළුව පෙන්නූ නරුමයන් අල්ලන්න හොයයි…

colombotoday