Colombo Today Local News

ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශවය දෙකඩ වෙයි.. දාසයේ කණ්ඩායමෙන් වෙනම මැයි රැළියක්.. හිටපු ජනපතිටත් ඇරයුම් !

විශ්වාසභංගයේදී අගැතිවරයාට එරෙහිව ඡන්දය භාවිතා කළ ශ්‍රීලනිප කණ්ඩායම විසින් මැයි 07 වනදා වෙනම මැයි රැළියක් පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටී.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රනිල් පිල“ සමග තවදුරටත් කටයුතු කළ නොහැකි බැවින් රනිල් පිලේ මහ ලේකම්වරුන් වන මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක විසින් සංවිධානය කරන මැයි රැළියට සහභාග නොවන බව අගමැතිවරයාට එරෙහිව ඡන්දය දුන් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා ප්‍රකාශ කළ අතර, 16 දෙනෙකුගෙන් යුතු තම කණ්ඩායම වෙනම මැයි රැළියක් කොළඹ විහාරමහා දේවී එළිමහන් රංග පීඨයේදී පවත්වන බවද පැවසීය.

එම රැළියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රීලනිප නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කරන බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද ආරාධනා කරන බවත් ඔහු වැඩි දුරටත් කියා කියා සිටියේය.

Related posts

ලොකු ළුෑණු කිලෝවකට රුපියල් 50ක බද්දක්

colombotoday

කල්මුනේ පාසල් හෙට සිට සතියක් වැසේ

colombotoday

රනිල් එලවන්නැයි මන්ත්‍රී හමුවේදී රංගේ කියයි.. කබීර් හෂිම් මාසයක් කල් ඉල්ලයි..

colombotoday

නිවසක සඟවා තිබූ ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අල්ලයි

Admin

පොහොට්ටුවේ ආණ්ඩුවකින් රාජිතට වෙන දේ මහින්ද කියයි !

colombotoday

ජපන්, ඉන්දීය ආධාර රැගත් ගුවන් යානා දිවයිනට.. නැව් දෙකක් මග

colombotoday