Colombo Today Local News

නීතිඥවරියගේ නිවසට ගල් ගසා නිරුවත පෙන්වු පුද්ගලයාට වුණ දේ

නීතිඥවරියකගේ නිවසට ගල් ගසා ඇයට නිරුවත පෙන්වූ බව කියන පුද්ගලයෙකු මීගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු මීගොඩ පොලීසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

දෙපාර්ශවය අතර බදාදා (29)දින ඇතිවූ ආරවුලකින් අනතුරුව සැකකාර පුද්ගලයා නීතිඥවරියගේ නිවසට ගල් ගසා ඇය නිවසින් පිටතට පැමිණීමෙන් අනතුරුව කලිසම ගලවා සැකකරු තමාට නිරුවත පෙන්වූ බවට නිතීඥවරිය කරන ලද පැමිණිල්ලක් අනුව එම පුද්ගලයාව මීගොඩ පුවක්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මුස්ලිම් පල්ලියේ අනවසර ඉදිකිරීම් නවතනු.. මහනුවර නාගරික කොමසාරිස් ලිඛිතව දන්වයි

colombotoday

බියර් මිල අඩුකිරීමෙන් බේබද්දො වැඩිවෙනවා.. විදුලි මෝටර්රථ මිල අඩු කිරීමෙන් විදුලි අර්බුධය දරුණු වෙනවා

colombotoday

කොටහේන 6වන පටුමගේ වෙඩිතැබීමක්

Admin

කොරෝනා ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් 6 දෙනෙකුට සුවයි

colombotoday

“යහපාලනය ගේන්න ජවිපෙ සල්ලි ගත්තේ වැසිකිළියේදී.. සාක්ෂි මා සතුයි“ චතුර සේනාරත්න

colombotoday

හිටපු ජනපති සහ අගමැති බුර්කාව ගැන දුන් උපදෙස පාස්කු කොමිසමේදී හෙළිවෙයි

colombotoday