Colombo Today Local News

නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයාට කොළඹ මහාධිකරණයේ පෙනී සිටින්නැයි උපදෙස්

ශ‍්‍රී ලංකාවට ආසන්න නැගෙනහිර මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්.ටී.නිව් ඩයමන්ඞ් නෞකාවේ ග‍්‍රීක ජාතික කපිතාන්වරයාට සිතාසි ලද පසු කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද උපදෙස් ලබා දුන්නා. ඒ, එම නඩුව අද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් මොහොමඞ් මිහාල් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එම සිද්ධියට අදාළව නැවේ කපිතන් හිරෝස් ඉල්යාස් නැමැත්තාට එරෙහිව නීතිපතිවරයා විසින් පසුගියදා කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පවසා සිටියා. ඒ අනුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් කිරීමටයි ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා අද තීරණය කළේ.

Related posts

මෙරට බීජ අයිතිය පැහැර ගැනීමේ තැතක්… ඉන්දියානු සමුළුවක් දැන් කොළඹ හෝටලයක..

colombotoday

ආරක්ෂිත වෙසක් දිනයක් වේවා. අධ්‍යාත්මික වර්ධනය සර්වබලධාරි අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමු. | උලමාගෙන් වෙසක් දින පණිවුඩයක්.

colombotoday

විපක්ෂයට සහය දෙන්න එජාප මන්ත්‍රීන් 20ක් සූදානම් !

colombotoday

කොබෙයිගනේ – ආරච්චිකට්ටු සමූපයත් මහින්ද පිළ උඩින් දිනයි

colombotoday

ඛනිජ තෙල් සේවකයන්ට බෝනස් දෙන්න බාධාවක් නෑ

Admin

‘සිනොපෙක්’ ඉන්ධන රුපියල් 3ක් අඩුවට

Admin