Colombo Today Local News

නිවසක බිත්තියක් කඩාවැටී දරුවකු මිය යයි

කිලිනොච්චිය , තොණ්ඩමන්නගර් ප්‍රදේශයේ නිවසක බිත්තියක් කඩාවැටීමෙන් අට හැවිරිදි පිරිමි දරුවකු එයට යටවී අද(12)දින දහවල් මියගොස් ඇතැයි කිලිනොච්චිය පොලිසිය කියයි.

දිවා ආහාරය ලබාගනිමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර බිත්තියට යටවීමෙන් බරපතල තුවාල ලබා සිටි දරුවා කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

එලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චිය , තොණ්ඩමන්නගර් හි පදිංචි නිරෝයන් රුසාන්තන් නැමති කිලිනොච්චිය මහ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවෙකි.

දින ගණනක් ඇතිවූ වර්ෂාව හේතුවෙන් තොණ්ඩමන් නගර් ප්‍රදේශයේ ජලය බැසනොගොස් තිබූ අතර එම හේතුවෙන් නිවසෙහි බිත්තිය පුපුරා කඩා වැටී ඇති බවද පොලිසිය පැවසීය.

අනතුරත් සමඟ ප්‍රදේශවාසීන් විශාල පරිශ්‍රමයක් දරා දරුවා පිටතට ගෙන රෝහල් ගතකිරීමට පියවරගෙන තිබූ බවත් එ වන විට දරුවා මියගොස් සිටි බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය.

වසර ගණනාවක් සිට වර්ෂාවක දී තම ගම්මානයේ ජලය නොබසින බවත් කරච්චි ප්‍රදේශිය සභාවට දැනුම් දී පිළියම් ඉල්ලා සිටියද විසඳුම් නොලැබීම හේතුවෙන් තමන්ට මෙම අවාසනාවන්ත සිදුවීම අත්විදීමට සිදුවූ බව ප්‍රදේශවාසීහු පැවසීය.

මියගිය දරුවාගේ සිරුර පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය කිලිනොච්චිය මහ රෝහලේ සිදුකිරීමට නියමිතව තිබුණි.

කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ශ්‍රී ලංකාවේ 6 වැනි කොරෝනා මරණයත් දෙහිවල ප්‍රදේශයෙන්

colombotoday

“නැගෙනහිරින් මතුවුණේ කඳවුරට පැන්න සම්බන්ධන්ට දඬුවම් නොදීමේ ප්‍රථිපලයි” ප්‍රසන්න රණතුංග

colombotoday

මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

Admin

ඉසුරුපාය තාවකාලිකව වැසෙයි

colombotoday

බැඳුම්කර වංචාවට වගකිව යුත්තේ රවී පමණද? රනිල්, මලික්, කබීර් ට චෝදනා නැද්ද ?

colombotoday

ඩොලර් ගෙවා යාල බලන්න අවස්ථාව

Admin