Covid 19

නිරෝධායන නීති කැඩූ එකම පවුලේ 10 කට කොරෝනා

එකම පවුලකට අයත් ආසාදිතයන් 10දෙනකු වාර්තාවූ ගාල්ල, මකුළුව ගම්මානයේ නිවෙස් හා අවට ප්‍රදේශ විශබීජහරණය කිරීම ද ආශ්‍රිතයන්ගේ පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම ද අද (09)දින සිදුකළ බව සෞඛ්‍ය අංශ පවසයි.

පියා ආසාදිතයෙකු වීම හේතුවෙන් නිරෝධායනයට යොමුකර තිබූ පවුලක මව හා දරුවන් හතරදෙනාද ආසාදිතයින් බවට මින්පෙර හඳුනාගත් අතර නිරෝධායන නීති වලට අනුකූල නොවෙමින් ඔවුන් සමග සබඳතා පැවැත්වූ තවත් ඥාතීන් හතරදෙනකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ (08)දින තහවුරු විය.

මෙම පුද්ගලයන් ගම්මානයේ තවත් අය සමගද සබඳතා පවත්වා ඇති බවට අනාවරණය වීම හේතුවෙන් රෝගය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා විෂබීජහරණ කටයුතු කඩිනමින් සිදුකළ බවද සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස ගම්වාසීන්ට උපදෙස් දුන් බවද ගාල්ල නාගරික සෞඛ්‍ය අංශය පවසයි.

Related posts

පිළියන්දල තැපැල් ස්ථානාධිපති ඇතුළු සේවකයන් 20 කට කොරෝනා

colombotoday

මනාලියට කොවිඩ්: මනාලයා නිරෝධායනයට

colombotoday

නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්ට එරෙහිව නීතිපති අධිචෝදනා ගොණු කරයි

colombotoday

වාද්දූවේ එකම පන්සලක ස්වාමීන් වහන්සේලා 27කට කොවිඩ්

colombotoday

තවත් ප්‍රධාන ඇඟළුම් කම්හලක සේවකයෙකුට කොරෝනා

colombotoday

අද දිනට කොරෝනා මරණ 5 ක්

colombotoday