Colombo Today Local News

මුහුද රළුයි, සුළං සැරයි… ධීවරයන්ට අනතුරු ඇගවීමක් !

පවතින තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය සමඟ මුහුදු ප‍්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බැවින් අනිද්දා (20) අලුයම 5.30 වනතුරු අවදානම් ප‍්‍රදේශයන්හි ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දීමක් කර තිබේ.

මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප‍්‍රදේශවල සුළෙඟ් වේගය විටින් විට පැයට කිලෝමීටර 70, 80 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම ප‍්‍රදේශයන්හි ධීවර කටයුතුවල යෙදීමේ දැඩි අවදානමක් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ජනක හඳුන්පතිරණ මහතා පැවසීය.

නාවුක ප‍්‍රජාවද මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව ඔහු සඳහන් කළේය.

Related posts

ආණ්ඩුව, ඇමතිලා පිස්සු නැටුවා.. භික්ෂූන් වහන්සේ, ජනමාධ්‍ය, සිවිල් සංවිධාන නොහිටින්න ජනතාව මරු කටේ

colombotoday

ආණමඩුවේ නිවසේ ස්වයං නිරෝධායනය වූ පුද්ගලයෙකුට යළි කොරෝනා වැළදෙයි

colombotoday

“ශ්‍රී ලාංකිකයින් එකා මෙන් එක් විය යුතුයි” – ජනපතිගෙන් පණිවුඩයක්

colombotoday

සිංගප්පූරු ගිවිසුමට එරෙහිව රතන හිමි සටනට

colombotoday

දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා CID අත්අඩංගුවට

Admin

කැලණි සරසවියෙන් ජනපතිට විරෝධතාවක්

Admin