Colombo Today Local News

දෙහිවල-ගල්කිස්සේ බලයත් පොහොට්ටුව අල්ලයි.. නගරාධිපති පොහොට්ටුවෙන්…

එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබාගෙන ඇත. ඒ එහි නගරාධිපති තෝරා පත්කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද දෙකකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතා තේරීපත්වීමත් සමගිනි.

ඔහු ඡන්ද 23ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයේ සුනේත්‍රා රණසිංහ මහත්මියට ලබාගත හැකිව ඇත්තේ ඡන්ද 21ක් පමණි. පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්ෂය ඡන්ද 36985ක් සමගින් මන්ත්‍රීධුර 19ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ ඡන්ද 36029ක් සමගින් මන්ත්‍රීධුර 19ක් ලබාගත්තේය. එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රීධුර 6ක් හා ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීධුර 04ක් ලබාගත්තේය.

 

Related posts

ධූරය රැකගන්න ඩයනා සජබෙට එරෙහිව අධිකරණයට

colombotoday

ඥානසාර හිමිට විරුද්ධව අද තවත් පැමිණිල්ලක් – ඉතා කාර්යක්ෂමව විභාගය හෙට

colombotoday

ලාංකික නාවිකයන් 9ක් ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපයේ

colombotoday

අතුරුගිරියේ ලඩියා ඉන්දියාවේදී අත්අඩංගුවට

colombotoday

මහින්දට 105යි… රනිල්ට 102යි… පාර්ලිමේන්තු ලකුණු පුවරුව දැනට මෙහෙමයි…

colombotoday

“තෙවරප්පෙරුම ගැහුවෙ මට.. වැදුණේ එජාපයේ සන්දීත්ට” ගුටි කෙළිය ගැන ප්‍රසන්න රණවීර කියයි

colombotoday