Colombo Today Local News

එජාපය අපිව රැවැට්ටුවා.. එජාප නායකයගෙන් ඇහුවහම වෙරි සොරි ගනේෂන් කියනවා.. එයාටත් සොරි තමයි !

තම පක්ෂයට ඇබුණු අවස්ථාවන් මංකොල්ලකමින් එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම තමා සහ තම පක්ෂය වන දෙමළ ප්‍රගතිශීලි සන්ධානය රවටා ඇති බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසා සිටිනවා.

ඊයේ (23) මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා දෙමළ ප්‍රගතිශිලි පක්ෂයෙන් තරඟ කර තේරිපත්වු සභිකයින් දිවුරුම්දීමේ උත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

එහිදි අදහස් දැක්වූ මනෝ ගනේෂන් අමාත්‍යවරයා,

“පවතින විධායක ජනාධිපතිධුරය අවසන් කරන්නට ජනතා විමුක්ති පෙරමුණ 20 වන සංශෝධනයක් ගෙනවා කියලා කථා කරනවා. පක්ෂයක් හැටියට අපි කවදාවත් විධායක ජනාධිපතිධුරය සම්පුර්ණයෙන්ම අවසන් කරන්න එකඟවෙන්නේ නැහැ. මුළු රටම ජාතින් හැටියට පදනම් වෙලා බෙදන්නට සමහරු උත්සහා කරනවා. දෙමළ, සිංහල, මුස්ලිම් ජනතාව පළාත් භේදයකින් තොරව, ජාති භේදයකින් තොරව ඡන්දය පාවිච්චි කරන එකම මැතිවරණය තමයි ජනාධිපතිවරණය. මගේ හිතමිත්‍ර අනුර කුමාරට කියන්න කැමති කරුණාකරලා එක කඩන්න එපා. ඒ වගේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා අපේ සහයෝගය බලාපොරොත්තුවෙන්න එපා කියලා කියන්න කැමති.”

“නුවරඑළිය දිස්ත්‍රීක්කයේ අපට උරුමවෙච්ච සමහර පත්වීම ලබාදීලා නැහැ. අපේ ඡන්දේ ලබාගෙන හොරකම් කරලා එජාපය පත්වීම ලබාදුන්නේ නැහැ. එජාපය ගැන අපි කණගාටුවෙන් ඉන්නවා. ඒවගේම දෙහිවල මහා නගර සභාවෙත් එක තමයි වෙලා තියෙන්නනේ. අපට උරුමවෙච්ච අවස්ථාවත් අපිට ලබැදෙන්නේ නැතුව එජාපය අපිව රවට්ටලා තියෙනවා. එජාප නායකයාට කියුවාම නායකතුමා අයියෝ ගනේෂන් වෙරි සොරි කියලා කියනවා මට. වෙරි සොරි කියන තත්වයේ ඉන්නවාද දන්නෑ එතුමා. දැන් මැතිවරණ ක්‍රමය සම්පුර්ණයෙන්ම අංචබචල් වෙලා තියෙනවා. මැතිවරණ ක්‍රමය වෙනස් කරනකොට අපි කියුවා. වෙනස් කරන්න එපා. ජනාධිපතිතුමාතුමා ඇහුන්කන් දුන්නේ නැහැ. අගමැතිතුමා ඇහුන්කන් දුන්නේ නැහැ. අනාගත්තට පසුව දැන් අපිට ඇවිල්ලා කියනවා අනේ කොහොමහරි පරණ ක්‍රමයට පළාත් සභා ඡන්දය හදලා දෙන්න. ඒකට උදවු කරන්න කියලා අපෙන් ඉල්ලීමක් කරනවා. මේ සම්බන්ධව දැනට මම මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක සාකච්ඡා කරනකොට එතුමා කියුවා අපිට පරණ ක්‍රමය හොඳයි. පොදු පෙරමුණෙත් එකඟතාවය තියෙනවාග සුළු පක්ෂ එකඟතාවත් තියෙනවා. එජාප තුළ වැඩි බහුතර එකගතාවය තියෙනවා. එතකොට මේ පැරණි ක්‍රමයට පළාත් සභා ඡන්දය පවත්වන්න සම්පුර්ණ එකඟතාවය වැඩි බහුතරයෙන් පාර්ලිමේන්තුවට තියෙනවා.”

Related posts

“චෝල, මාඝ, එළාරට බැරි වුණු දේ උඹට පුළුවන් ද ???” – මර්වින් සිල්වා විග්නේෂ්වරන්ට සැරට අමතයි

colombotoday

රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා – ආරක්ෂක ලේකම්

colombotoday

මත් ඖෂධ විකුණූ වෛද්‍යවරයෙක් පොලිස් දැලේ

Admin

මහවිරු සැමරුමට සැරසෙද්දී සිවාජිලිංගම්ට සර්පයෙක් දෂ්ට කරලා

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහළුමක් පුපුරයි

colombotoday

සමාජ මාධ්‍ය පාලනයට පනතක් !!

colombotoday