Colombo Today Local NewsTop Stories

දෙමටගොඩ පිපුරුම සිදුවූ නිවසේ හිමිකරු සුප්‍රසිද්ධ හජ්ජියාර් කෙනෙක්? ජවිපෙ දේශපාලන හිතවතෙක්?

අද දහවල් පොලීසිය විසින් සිදුකල සෝදිසි මෙහෙයුමක් අතරතුර පිපුරුමක් සිදුවූ දෙමටගොඩ නිවසේ හිමිකරු සුප්‍රසිද්ධ හජ්ජියාර් කෙනෙක් බවට තොරතුරු වාර්තා වෙනවා.

එම හාජ්ජියාර් සුප්‍රසිද්ධ කුළුබඩු ව්‍යාපාරිකයෙක් වන අතර ප්‍රබල දේශපාලන හිතවතෙක් බවට කරුණු වාර්තා වෙන අතර ඔහුගේ පුත්‍රයා අන්තවාදී කල්ලි සමග පැවැත්වූ සබදතා පිළිබඳවද තොරතුරු වාර්තා වෙමින් පවතී.

එම හාජ්ජියාර් පසුගිය මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවට නම ඇතුලත් කිරීමට යෝජනා වූ පුද්ගලයෙක් වන අතර සමාජ ක්‍රියාකාරකම් පිළිබඳව නමක් දිනාගත් අයෙක් බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

මේ පිළිබඳව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ කරුණු තහවුරු කර නොමැති අතර අප ලද තොරතුරු තහවුරු වූ පසු සවිස්තර වාර්තාවක් බලාපොරොත්තු වන්න.

Related posts

කිලිනොච්චියේ මෝටර් රථයකින් ගමන් ගත් පිරිසකට වෙඩි තැබීමක්

Admin

ව්‍යාජ 5000 නෝට්ටු 39ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

‘රත්නපුරේට මහ ගංවතුරක්‘ අනාවැකිය කීවේ දෙමසකට කලින්.. බලධාරීන්ගේ නොසැළකිල්ලෙන් මහ ව්‍යසනයක් වළකාගැනීමට නොහැකිවුණේ මෙහෙමයි

colombotoday

මහනුවර ඡන්ද යළි ගනින්නැයි ඉල්ලා මහසෝන් බලකායේ ප්‍රධානියාගෙන් පෙත්සමක්

colombotoday

තෙවරක් පෙරුවත් තෙවරප්පෙරුම නොහැදේ.. පොලිසියට අමු කුණුහරුපෙන් බැණ තග දමයි.. පොලිස් ලොක්කෝ බිම බලාගනී

colombotoday

නිල්වලා, ගිං, කළු ගංවතුර අවදානමේ.. නාය යෑමේ අවදානමත් එහෙමමයි..

colombotoday