Colombo Today Local News

තියුණු ආයුධයක් අරන් හිටපු ජනපතිගේ නිවසට ඇතුළුවෙන්න ගිය තැනැත්තා කියන කතාව !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ, කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි නිල නිවසට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු තියුණු ආයුධයක් සහිතව එම නිවසට ඇතුළු වීමට උත්සාහ දරා ඇති බවයි පොලීසිය පවසන්නේ.

තමන්ට හිටපු ජනාධිපතිවරයා මුණ ගැසීමට අවශ්‍ය බවත්, එසේ නොවුනහොත් තමන් සිය දිවි හානි කර ගන්නා බවත් ඔහු සඳහන් කර ඇති බවද පොලීසිය සදහන් කරයි.

ගමන්මල්ලෙන් තියුණු ආයුධයක් ඉවතටගෙන ගෙල කපා ගැනීමට සැකකරු උත්සාහ දරා තිබෙනවා. කළහකාරී ලෙස හැසිරුණු අදාළ පුද්ගලයා පොලිස් අත්අඩංගුවටපත් වීමෙන් පසුව මේ වන විට කරුදුවත්ත පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු බලංගොඩ ඉඹුල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Related posts

තන්නිමුරිප්පු භූමියට TNA උසාවි යයි

colombotoday

බේකරි නිෂ්පාදනවල මිල ඉහළට ?

colombotoday

රජයේ ඖෂධවේදීන් දිවයිනපුරා සංකේත වැඩ වර්ජනයක

Admin

පැරණි චක්‍රලේඛ යටතේ පවරා ඇති නඩු ඉවත්කර ගන්න

colombotoday

පොලිසියට ත්‍රීරෝද රථ ගත්තේ පාතාලය මඩින්න ද ? අහන්නේ ආකල්පමය ගැටලු තියෙන පුද්ගලයන් – අමාත්‍ය සරත් වීරසේකර කියයි.

colombotoday

අගමැති අර්ජුන් මහෙන්ද්‍රන් ගෙන්වාගෙන ඇත්තේ මහබැංකුව බිදින්නමයි.. මගඩිය යට ගහන්න දැන් බාලාංශ වැඩ..

colombotoday