Colombo Today Local News

තැපැල් ඡන්ද දායකයින්ගේ ලැයිස්තු සහතික කිරීම අවසන්

මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්ද දායකයින්ගේ ලැයිස්තු සහතික කිරීමේ කටයුතු අවසන් කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

පසුගිය 18 වනදා එම කටයුතු අවසන් කිරීමට පියවර ගත් බව එම කාර්යාලය සඳහන් කළේය.

මේ අතර අගෝස්තු 5 වනදා පැවැත්වෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට භාරදීම ජුනි 30, ජුලි 01 වනදා සහ 02 වනදා සිදු කිරීමට නියමිතය.

මෙවර මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්දය සලකුණු කිරීම ජූලි මස 14, 15, 16 සහ 17 යන දිනවලදී සිදු කෙරෙයි.

රාජ්‍ය ආයතනවල සේවකයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට ජුලි මස 14 සහ 15 යන දෙදින වෙන් කර ඇති අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශවල සේවකයින්ට තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ජුලි මස 16 සහ 17 යන දෙදින නම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

එම දිනවලදී ඡන්දය භාවිත කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින් සදහා ජූලි මස 20 සහ 21 යන දිනවලදී තැපැල් ඡන්දය භාවිත කිරීමේ පහසුකම සලසා දී තිබේ.

මේ අතර එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ පැමිණිලි භාර ගැනීමට සහ පැමිණිලි විමර්ශනය සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබේ.

Related posts

පාන් ගෙඩියක් රුපියල් 5 කින් ඉහළට…

colombotoday

ආනයන භාණ්ඩ 367 කට පැනවූ තහනම දීර්ඝ කෙරේ…

colombotoday

බීමත් රියැදුරන් අල්ලන විශේෂ උපකරණක් ළඟදීම

colombotoday

බාල්කයක එල්ලෙමින් තිබූ මවගේ සිරුරේ එල්ලී මහා හඬින් විලාප දුන් සිඟිත්තා

Admin

සමාජ ආරක්ෂණ බදු පනතට සංශෝධන ඇතුළු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

පොරොන්දු පරිදි 7ට පෙර නිදහස් නොකළොත් නොකා නොබී මැරෙන බව කොටි සිරකරුවෝ ජනපතිට දන්වයි

colombotoday