Colombo Today Local News

ත්‍රීරෝද රථ ගාස්තුත් ඉහළ

ත්‍රි රෝද රථ පළමු කිලෝමීටර් ගාස්තුව රුපියල් 10 කින් අද (11)  සිට වැඩි කළ බව ස්වයං රැකියා වෘත්තීයන්ගේ ජාතික ත්‍රිරෝද සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධක මහතා පවසනවා. 

ඒ අනුව මෙතෙක් රුපියල් 50 ක් වශයෙන් පැවති පළමු කිලෝමීටර් ගාස්තුව රුපියල් 60 දක්වා ඉහළට යනු ඇති. කෙසේ වෙතත්  දෙවන කිලෝමීටරය සඳහා අය කළ ගාස්තුවේ වෙනසක් සිදු නොවන බවයි ඒ මහතා කියා සිටියේ. 

පෙට්‍රල් මිල ඉහළ යාමට අමතරව අමතර කොටස් මිල ටයර්, ටියුබ්, මිල සේවා ගාස්තු ඉහළයාම හේතුවෙන් ත්‍රිරෝද ගාස්තු වැඩිකිරීමට තීරණය කළ බව ද සභාපති ජයවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර ඉන්ධන මිල ඉහළගියද, ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ නොදමන බව  සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. 

එහි සභාපති සුදිල් ජයරුක් මහතා කියා සිටියේ, තම ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට රජයෙන් ඉල්ලීමක් කරන බවයි. එවැනි සහනාධාරයක් ලබාදෙන්නේ නම් එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදිය හැකි බවයි ලක් එෆ් එම් ප්‍රවෘත්ති කළ විමසීමකදි ඒ මහතා කියා සිටියේ.

Related posts

දේශපාලන පළිගැනීම් කොමිසමට යන්න බෑ කියා අනුර දිසානායක සහ ශානි අඹේසේකර අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරයි.

colombotoday

පෑලියගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් තිදෙනකුගේ වැඩ තහනම්

Admin

කබ්රාල්ට එරෙහි චෝදනා විභාගයට නොගෙනම ප්‍රතික්‍ෂේප කරන්න – ජනාධිපති නීතිඥ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලෙන් ඉල්ලයි

colombotoday

දණගැස්වූ විදුහල්පතිණියට මරණ තර්ජන…

colombotoday

පිස්තෝලයක් සමග හමුදාවෙන් පලා ගිය අයෙක් අත්අඩංගුවට

colombotoday

බොරැල්ලේ සිරිසුමන හිමි රිමාන්ඩ්

Admin