Colombo Today Local News

ටෙලෝ කොන්දේසි පිළිගන්න බැහැ: පක්‍ෂයෙන් ඉවත්ව ස්වාධීන වෙනවා…. ශිවාජිලිංගම් කියයි

ටෙලෝ පක්ෂය වරින් වර තමන්ට ඉදිරිපත් කරන කොන්දේසි පිළිගැනීමට තමන් සූදානම් නොමැති නිසා පක්ෂයෙන් ඉවත් වී ස්වාධීන පුද්ගලයකු හැටියට දේශපාලනයේ නිරත වන බව ජනාධිපති ධුර අපේක්ෂක එම්. කේ. ශිවාජිලිංගම් මහතා පැවසීය.

 යාපනයේ වැල්වෙට්ටිතුරෙයි ප‍්‍රදේශයේ පිහිටි සිය කාර්යාලයේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ යාපනයේදී ටෙලෝ සංවිධානයේ ලේකම්වරයා හමුවී ටෙලෝ පක්ෂයෙන් තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු වෙත භාර දෙන බවයි.

 තමන් දේශපාලනයට පිවිසියේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා දීමට මිස මුදල් හම්බ කිරීමට නොවන බව කී ශිවාජිලිංගම් හිටපු මන්ත‍්‍රීවරයා ජනතාවට සේවය කිරීමට පක්ෂයක් අවශ්‍යම නැති බවද සඳහන් කළේය.

 මේ වන විට උතුරු නගෙනහිර දෙමළ වැසියන් වෙනුවෙන් කතා කිරීමට කිසිම ජනාධිපති අපේක්ෂකයකු නොමැති නිසා ඉදිරි දිනවලදී තමන් ඒ කටයුත්ත ආරම්භ කරන බවද ඔහු පැවසීය.

 දෙමළ ජාතිකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් සියලූම දෙමළ දේශපාලන පක්ෂ සතුටු විය යුතු නමුත් ඔවුන් සියලූ දෙනාම දැන් තමන්ගේ කකුලෙන් අදින බවද ශිවාජිලිංගම් මහතා පැවසීය.

 ඔවුන් එසේ කරන්නේ දේශපාලනය මුවාවෙන් සල්ලි හම්බ කිරීම හා විවිධ තනතුරු ලබා ගැනීමට යෑමේදී තමන්ගේ දේශපාලන ක‍්‍රියාවන් ඔවුන්ට විශාල බාධාවක් වීම නිසා යැයි ද ශිවාජිලිංගම් මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

තෙවරක් පෙරුවත් තෙවරප්පෙරුම නොහැදේ.. පොලිසියට අමු කුණුහරුපෙන් බැණ තග දමයි.. පොලිස් ලොක්කෝ බිම බලාගනී

colombotoday

බන්ධනාගාරගත රැදවියන්ට අමුත්තන් පෙන්වීම නැවත් අරඹයි

colombotoday

උතුරු පළාත් ඇමති ආනන්දි සශිහරන් යලත් පාලන නිලධාරිනියක ලෙස රාජ්‍ය සේවයට

colombotoday

බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කරුවන්ගේ ඥාතීන් ප්‍රකාශ දෙයි

colombotoday

‘හිටපු කොටි ක්‍රියාකාරීන් සියල්ල අපේ පක්ෂයට බඳවාගන්නවා‘ – සුමන්තිරන්

colombotoday

ශ්‍රී ලංකා මහ බැංකුවේ රත්‍රන් සංචිතය පහළට

colombotoday