Colombo Today Local News

ටියුෂන් ඇවිත් අනුරපුර නගරයේ පෙම්සුව විදි සිසු සිසුවියෝ 33ක් කොටුවෙති

උපකාරක පන්ති ස`දහා අනුරාධපුර නව නගරයට පැමිණ, නගරයේ විවිධ ස්ථානයන්හි රස්තියාදුවේ යමින් හා පෙම්සුව විදිමින් සිටි උසස් පෙළ සිසු සිසුවියන් සහ අවකල් ක‍්‍රියාවේ නිරතවූ කාන්තාවන් ඇතුළුව 33 දෙනෙකු අනුරාධපුර නගරයේදී සිදුකල විශේෂ මෙහෙයුමකදී පෙරේදා (02දා* අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අනුරාධපුර නව නගරය දහයියාගම හංදිය අනුරාධපුර ආවරණය වන අන්දමින් සිදුකල මෙහෙයුමේදී උසස් පෙළ අමතර පන්තිවලට පැමිණ අනුරාධපුර කුම්බිච්චන්කුලම වැව ආසන්නයේ පිහිටි නිවාඩු නිකේතනවල පෙම්සුව වි`දි පාසල් සිසු සිසුවියන් හය දෙනෙකු උපකාරක පන්ති නොයමින් විවිධ ස්ථානවලටවී කාලය ගතකල උසස් පෙළ සිසුන් 18 දෙනෙකු මත්ද්‍රව්‍ය අලවියේ හා කප්පම් ගැනීම්වල නිරත වන බවට සැකකරන පෙත්තා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයා හා ආයුර්ෙවේද සම්භාහන

මධ්‍යස්ථානවල සේවයේ නියුතු වෙමින් අවකල් ක‍්‍රියාවේ නිරතවූ බවට චෝදනා ලැබූ කාන්තාවන් අට දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වී තිබුණි.

පිට පළාත්වල සිට අනුරාධපුර නව නගරයට අමතර පන්ති ස`දහා පැමිණෙන සිසුන් මත්ද්‍රව්‍ය ඉරීමට හා වෙනත් අපචාරවලට යොමුවී තිබෙන බවටත් ඇතැම් තරුණයන් මත්කුඩු ඉරීම ස`දහා මුදල් උපයා ගැනීමට වෙනත් සිසුන්ගෙන් කප්පම් ගන්නා බවටත් අනුරාධපුර මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්ෂකවරයාට තොරතුරු ලැබීම නිසා හදිසි මෙහෙයුම ක‍්‍රියාත්මක කර තිබුණි.

අත්අඩංගුවට ගත් උසස් පෙළ සිසුන් බොහෝ දෙනෙකු තව නොබෝ දිනකින් පැවත්වෙන උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානම්වන බවත් ඔවුන් දෙමාපියන්ට අමතර පන්ති පැමිණෙන බව පවසා අනුරාධපුර නගරයට පැමිණ පෙම්සුව විදීමට නිවාඩු නිකේතන වලට ගොස් සිටි පවත් පොලිසිය පවසයි.

පෙත්තා නමින් හදුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුත් වැටලීමේදී පොලිස් අත්අඩංගුවට පත්වී තිබු අතර ඔහුට සිය අනන්‍යතාව ඔප්පුකර ගැනීම ස`දහා කිසිදු ලේඛනයක් සන්තකයේ නොතිබුණු බවත් මෙම සැකකරු අනුරාධපුර නගරයට අමතර පන්ති පැමිණෙන සිසුන්ට මත්ද්‍රව්‍ය අලවි කිරිම හා දුර බැහැර සිට අනුරාධපුරයට අමතර පන්ති සදහා පැමිණෙන සිසුන් බිය ගන්වා කප්පම් ගන්නා බව පොලිසිය පවසයි.මිහින්තලේ

– රංග චතූ

Related posts

ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ගැන නිල ප්‍රකාශය අද

colombotoday

දඹුල්ලේ ගිනිතැබීම් සහ පහරදීම් සම්බන්දයෙන් ජවිපෙ මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයකින් හෝ රට ගොඩ ගන්නැයි ත්‍රෛනිකායික නාහිමිවරු ගෝඨාභයගෙන් ඉල්ලති (Video)

colombotoday

තඹුත්තේගම ආර්ථිකයේ වෙළෙඳසැල් 11ක් වසා දැමේ

colombotoday

ජාතික ජන බලවේගයේ අපේක්ෂක අසූර් ගුවන්විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවයෙන් අන්තවාදය කියා දෙයි.

colombotoday

හඳුනානොගත් මත් පෙති 3500ක් සමග අයෙක් කොටු

Admin