Colombo Today Local News

ජොන්ස්ටන් විග්නේශ්වරන් සමග යාපනයේදී ගැටුමක්

ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩ සටහනට සමගාමීව යාපනය දිස්ත්‍රික් ග්‍රාමීය යටිතල පහසුකම් කමිටුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධාත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී රැස්වීම ආරම්භයේදීම පාර්ලිමේන්තු මන්ත්‍රි සි.වි.විග්නේශ්වරම් මහතා පැවසූවේ පළාත් සභා ඡන්දය නොතියා රජය මැදිහත් වී උතුරේ සම්පූර්න බලය තහවුරු කිරිමට මේ කමිටුව පවත්වන්නේ දැයි ඇසීය. සංවර්ධන කටයුතු පළාත් සභා හා පළාත් පාලන ආයතන වලට නොදීම ගැටළුවක් බවත් මෙහිදී විග්නේශ්වරන් මහතා පැවසීය. ඔබලා මේ කරන්නේ මධ්‍යම ආණ්ඩුවට බලය ගැනීමට යැයිද පැවසීය.

මෙහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊට පිළිතුරු ලබා දෙමින් පැවසූවේ මෙම රැස්වීම් මාලාවේ ප්‍රධාන අරමුණ වන්නේ ජනතාවගේ සංවර්ධනය බවයි. සංවර්ධන කටයුතු වලට බාධා කිරිම නුවණට හුරු දෙයක් නොවන බවත් මෙම රැස්වීම පවත්වන්නේ සංවර්ධනය පිළිබදව පමණක් බවත් මේ සදහා දේශපාලනය ගාව නොගන්නා ලෙසත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසූවේ සංවර්ධනය යනු ජනතාවට පොදු දෙයක් බවයි. සංවර්ධනය සමානව බෙදී යාමෙන් ඇති නැති පරතරය අවම වන බවත් අමාත්‍යවරයා පැවසීය. සංවර්ධන කටයුතු වලින් බලාපොරොත්තු වෙන්නේ ජනතා සුබසිද්ධිය මිසක් දේශපාලනය නොවන බවත් මෙම සංවර්ධන කමිටු රැස්වීම් පාර්ලිමේන්තුව කර නොගන්නා ලෙසත් අවධාරණය කලේය. අනෙක පළාත් සභා මැතිවරණය නොපැවැත්වූයේ ඔබතුමන්ලා හිටපු යහපාලන ආණ්ඩුව නේදැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව 2010 රජය කාලේ ඔය සියළු කාරනා යාපනයට ඉටු කලා. පාරවල් හැදුවා. පාසල් හැදුවා. විදුලිය ලබා දුන්නා. කෝච්චි පාර හදලා දුන්නා. කඳවුරුවල හිටපු ජනතාව නිවෙස්වල පදිංචි කලා. කරන්න පුළුවන් හැම දෙයක්ම කලා. නමුත් ඔබතුමාන්ලා අමාත්‍යධූරය දැරූ ආණ්ඩුවෙන් කිසිදු දෙයක් යාපනේ ජනතාවට ඉටු කරලා නෑ. ඒ නිසා ජනතාවට අපි ගැන විශ්වාස ඇති.අපි මේ වසර පහේදී තවදුරටත් සංවර්ධන කටයුතු කරනවා යැයිද දැඩි ලෙස ප්‍රකාශ කලේය.

Related posts

මැතිසබයේදී ගම්මන්පිලගේ කට වහයි

colombotoday

සයිටම් ප්‍රධාන විධායක සමීර සේනාරත්න තාවකාලිකව ඉවතට

colombotoday

කෝටි හතරක හෙරොයින් සමඟ හිටපු පීසී අල්ලයි

Admin

වීෂ ශරීරගත කළ කතාව බොරුවක්.. පුණුරුත්ථාපනය වූ හිටපු LTTE සාමාජිකයන් කියයි

colombotoday

රජය මිලදී ගත් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් කොළඹ වරායට

colombotoday

20 සම්මතයට පෙරම ජනාධිපති ආණ්ඩු පක්‍ෂය ඩෝසර් කරන්න පටන් ගෙන.. ඇමතිවරු රූකඩ කරලා

colombotoday