Colombo Today Local News

මැතිසබයේදී ගම්මන්පිලගේ කට වහයි

බලශක්ති අර්බුදය පිළිබඳ විවාදයේදී තමාට පාර්ලිමේන්තුව ඇමතීමේ අවස්ථාව අහිමි වූ බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හිටපු අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

හිටපු අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ, තමන්ට කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා ලිඛිතව ඉල්ලීමක් සිදු කළ ද ඒ සඳහා අවසර දිය නොහැකි බව ආණ්ඩු පක්ෂයේ සංවිධායක කාර්යාලය තමන්ට දැන්වූ බවයි.

කෙසේ වෙතත්, පසුව ගම්මන්පිල මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමතා මේ පිළිබඳ දැනුම් දී තිබේ.

එහිදී ඒ පිළිබඳව සලකා බලන බව ඔහු ප්‍රකාශ කර ඇතත්, පසුව පවසා ඇත්තේ, ලැයිස්තුව පිරී ඇති බැවින් හිටපු අමාත්‍යවරයාට කතා කිරීමට අවසර ලබා දිය නොහැකි බවයි.

Related posts

දේශීය බීජ අයිතිය බංග්ලාදේශ සමාගමකට.. රට්ටුන්ගේ බත් කෑමේ අයිතියත් නොරටුන්ට !!

colombotoday

අද රත්තරන් මිල අඩුයි

Admin

ඉන්දියාවෙන් තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක්

colombotoday

රණවිරුවන්ගේ ජීවගුණය බිද දැමීමේ වැඩපිළිවෙල් තවත් එක් පියවරක්ද මේ – මහඇමතිගේ සද්දයට මහින්දගේ විරෝධය

colombotoday

ප්‍රදේශ කිහිපයකට ජලය බෙදා හැරීම කාලසටහනකට..

Admin

උතුම් සිරිපාදය ගැන ඔබ නොදන්න, දැනගත යුතුම දේවල් මෙන්න

colombotoday