World

‘ජිහාද්’ පරාජය කළ බව ට්‍රම්ප් කියයි

සිරියාවේ ක්‍රියාත්මක ඉස්ලාමික් ස්ටේට් ජිහාද් සංවිධානය සම්පූර්ණයෙන් පරාජයට පත් කර ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවැසීය.

සිතියම් පෙන්වමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ ඒ බව කීවේය.

අයි.එස් සංවිධානය සියයට සියයකින් පරාජයට පත්කර ඇතැයි ජනාධිපති ට්‍රම්ප් එහිදි කීවේය. අයි.එස් සංවිධානය කලකදී අත්පත් කරගෙන තිබූ විශාලතම ප්‍රදේශයත් වත්මන් තත්ත්වයත් සිතියම් පෙන්වමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා වොෂින්ටනයේදී මාධ්‍යවේදීන්ට පැහැදිලි කළේය.

“මේ ඉන්නේ අයි.එස්.අයි.එස්. දැන් ඔවුන්ට කිසිවක් නැහැ” යැයි ට්‍රම්ප් කීවේය.

“අයි.එස් සංවිධානය සිරියාවේ ප්‍රකාශයට පත් කළ කාලිෆාව විනාශ කර දැමුවා” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් කීවාය.

අයි.එස් සංවිධානය අවසන් වරට රැඳි සිටියේ සිරියාවේ බගූස් ගම්මානයේය. එම ගම්මානය ඉලක්ක කරගනිමින් කුර්දි ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා ගුවන් ප්‍රහාර එල්ල කළේය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ ධවල මන්දිරය සිරියාවේ අයි.එස් සටන්කාමීන් පරාජයට පත් කළ බව ප්‍රකාශයට පත් කළේ දින ගණනාවක් මුළුල්ලේ එම ගම්මානයේ අයි.එස් ඉලක්ක වෙත බෝම්බ හෙළීමෙන් පසුවය.

ඒ.එෆ්.පී. ඇසුරිනි

Related posts

මියන්මාරයේ රන් කන්ද නාය යයි… අනූවක් වැළලෙයි

colombotoday

ලෝක බලවතුන්ගේ විරෝධය මැද ජනප්‍රිය මල්ලව පොර ශුරයාට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක වෙයි

colombotoday

අමෙරිකාවේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 9 දෙනෙකුට තුවාල

colombotoday

රුසියාවේ පාසලක වෙඩි තැබීමකින් 6 දෙනෙක් මරුට…

colombotoday

ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකානු හමුදාව සම්පුර්ණයෙන්ම ඉවත් වෙති. | ඉවත් වූ අවසන් සොල්දාදුවා මේජර් ජෙනරාල් ක්‍රිස්ටෝපර් ඩොනාහු

colombotoday

ඕස්ට්‍රේලියාවේ ගුවන් අනතුරක් – 5ක් මරුට

colombotoday