Colombo Today Local News

ජනපති ඝාතන කුමන්ත්‍රණය හෙළිකල නාමල් සමග සබඳතා පැවැත්වූ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීම සඳහා සිදුකළ බව කියන කුමන්ත‍්‍රණය පිළිබඳව තොරතුරු හෙළි කළ දූෂණ විරෝධී ජාතික පෙරමුණේ නාමල් කුමාරගේ සමග සබඳතා පැවැත්වූ බව කියන ඉන්දීය ජාතිකයකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (21 දා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකටයුතු ඉන්දීය ජාතිකයා 53 වැනි වියේ පසුවන අතර ඔහු මීට ටික කලකට උඩදී ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙකි.

සැකකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමන් ඉන්දියාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය විරෝධී සංවිධානයක ක්‍රියාකාරී සාමාජිකයකු බවත් තමන් වෙත එල්ල වූ මරණීය තර්ජන නිසා හොර රහසේම ශ්‍රී ලංකාවට පලා ආ බවත්ය.

තමන් මෙරටදී සරණාගතභාවය ඉල්ලා සිටියද එය නොලැබුණු බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

නාමල් කුමාරගේ මාධ්‍ය ඔස්‌සේ සිදුකළ හෙළිදරව්ව පිළිබඳව තමන් දුටු බවත් ඒ පිළිබඳව ඔහු සමඟ සාකච්ඡා කිරීමට අවස්‌ථා කීපයකදීම වරකාපොළ පිහිටි ඔහුගේ නිවසට පැමිණි බවත් සැකකරු ප්‍රකාශ කර ඇත.

එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම සැකකරු සිදුකරන ප්‍රකාශ පරස්‌පර විරෝධී බවය.

මෙසේ සැකකරු රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

Divaina

Related posts

ඡන්ද විමසීම අවසන් – ගණන් කිරීම අරඹයි

colombotoday

පාර්ලිමේන්තුව තුළදී මහා සංඝරත්නයට අපහාස කිරීම ලැජ්ජ නැති වැඩක්.. විජේදාසගෙන් ෆොන්සේකාට ආයෙත් කණේ පහරක්

colombotoday

වරායට විශ්‍රාමික නාවික හමුදාපති කෙනෙක්

Admin

SAITM විරෝධයෙන්ට කොළඹ උණුසුම්… වෛද්‍ය සිසුන්ට අධි පීඩන ජලප්‍රහාර… කදුළු ගෑස් !!

colombotoday

ඉදිරි වසර දෙක තුළ විදුලි බිල අඩු කරන්න ඇමති කංචනගේ අපේක්ෂාවක්

Admin

“ඇෆ්ගනිස්තානය ත්‍රස්තවාදීන්ට මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා නම් ලංකාවත් අවදියෙන් සිටිය යුතුයි”

colombotoday