Colombo Today Local News

ජනපති කියන ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම ගැන මා දන්නේ නෑ – අධ්‍යාපන ඇමති

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපතිවරයා පැවසුවද එවැනි තීරණයක් ගත් බවක් තමා මේවනතෙක් නොදන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඊයේ (26) පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනබවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ‘ලක්බිම‘ පුවත්පත සමග අදහස් දක්වමිනි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (25) පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ නව ශ්‍රවණාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.

Related posts

දූෂණ මර්දන කාර්යාලය වැහුවේ බැඳුම්කරයේ විමර්ශන යට ගහන්නයි !

colombotoday

මිද්දෙණියේ ඝාතනයක්

colombotoday

නිවසක් මතට පස් කන්දක් කඩාවැටී තිදෙනෙකු මරුට

colombotoday

අයුතු ජනරාශිය යටතේ මහින්ද අත්අඩංගුවට ! – රංගේ බණ්ඩාරගෙන් අනාවැකියක්

colombotoday

එජාප නායකත්වය වෙන කෙනෙකුට දෙන්නේ 2030දී බව රනිල් කියයි…

colombotoday

කාන්තන්කුඩි පොලීසියේ නිලධාරියෙක් ඝාතනය කෙරේ

colombotoday