Colombo Today Local News

ජන බලයට බෙදූ කිරි පැකට්ටුවේ වස නෑ… රස පරීක්ෂණයෙන් හෙළිවුණා…

සුගියදා කොළඹදී පැවති මහින්ද පිලේ විරෝධතාවයට පැමිණි ආධාරකරුවන්ට ලබාදුන් කිරි පැකට්වල කිසිදු වස විසක් අඩංගු නැති බවට රස පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇතැයි ලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

මහින්ද පිලේ මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් විසින් 2018.09.10 වැනි දින පිටකොටුව පොලිස් ස්ථානයට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකින් දන්වා තිබුණේ ඔහු සමඟ සිටි පුද්ගලයන් 25කට පිටකොටුවේදී මෙලෙස යම් පිරිසක් විසින් කිරි පැකට්ටුවලට විස ඇතුළත් කර පානය කිරීමට ලබාදී ඇති බවයි. ඔවුන්ට ලබාදුන් බව කියන කිරි පැකට්ටුවද ඔහු විසින් පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබිණි.

මේ පැමිණිල්ල සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කළ අතර අලුත් කඩේ අංක 03 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත නඩු අංක ඕ99339/3/18 යටතේ කරුණු වාර්තා කරන ලදී. එමෙන්ම අධිකරණයෙන් ලබාගත් නියෝග මත මෙම කිරි පැකට්ටුව 2018.09.13 වැනි දින රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාව 2018.09.28 දිනැතිව ලැබී ඇති අතර එම වාර්තාව අනුව පහත දැක්වෙන වස සහ ඔෟෂධ සඳහා පරීක්ෂාවක් සිදු කර ඇත.

සයනයිඩ්, ලෝහමය වස, පළිබෝධනාශක වස වර්ග, ඖෂධ එවැනි වස හෝ ඔෟෂධ එම කිරි පැකට්ටුවේ අඩංගුව නැති බවට රස පරීක්ෂක වාර්තාවේ දක්වා ඇත.

තවද අදාළ කිරි පැකට්ටුව විවෘත කිරීමක් කර නොතිබුණු බවද එම වාර්තාවේ වැඩිදුරටත් දන්වා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

Related posts

ත්‍රීරෝද රියෙන් ඇවිත් මහ මගදී වෙඩි තබා පැන යයි.. හමුදා කෝප්‍රල්වරයෙක් රෝහලට

colombotoday

මඩකලපුවේ ග්‍රාම නිලධාරී වසම් 5ක් හුදෙකලා කෙරේ

colombotoday

ඤාණසාර හිමිට නිදහස ඉල්ලා හෙට කැළණියෙන් කොළඹට පාගමනක්…

colombotoday

හොර රහසේම රට පුරා පාන් බනිස් ගණන් උස්සයි

colombotoday

තහනම ඉවතට.. යුරෝපා රටවලට මෙරට මත්ස්‍ය අපනයනයට ඉඩ

colombotoday

වැලිකඩ පෞද්ගලික ආයතනයකට වෙඩි තැබීමක්

Admin