Colombo Today Local News

චින හා රුමේනියා ජාතිකයන් කළ ATM මුදල් වංචාවක් හෙළි වෙයි

ණයපත් (Credit Card) හා හරපත් (Debit Card) වල ඇති දත්ත සොරාගෙන ව්‍යාජ කාඩ් පත් සකස්කර මුදල් ලබාගැනීමේ ජාවාරමක් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ඒ.ටී.එම්. යන්ත්‍රයේ කාඩ්පත ඇතුළත් කරන ස්ථානයේ සියුම් උපකරණයක් සවිකර එම යන්ත්‍රයට ඇතුළත් කරන ණයපත් (Credit Card) හා හරපත් (Debit Card) වල ඇති දත්ත එම උපකරණ මාර්ගයෙන් සැකකරුවන්ගේ ජංගම දුරකතනවලට ලබාගෙන ඇතැයි විමර්ශන වලදී හෙළිව තිබෙන බවත් ඔහු සඳහන් කරයි.

එම දත්ත හරහා ව්‍යාජ කාඩ්පත් සකස්කර මෙම මුදල් ලබාගැනීම සිදුකර ඇත. ජනවාරි 20 දා කොළඹ කොටුව, චැතම් වීදිය ප්‍රදේශයේදි චීන ජාතිකයෙක්, ජනවාරි 21 වැල්ලවත්තේදී තවත් චීන ජාතිකයෙක්, පෙබරවාරි 03 දා පානදුර නගරයේදි රුමේනියානු ජාතිකයෙක්  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට  ගෙන ඇත.

සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ ලෙස සකස්කළ කාඩ්පත් 200ක්, රුපියල් ලක්ෂ 12ක මුදලක්, දත්ත සොරකම් කිරීමට භාවිත කරන උපකරණ දෙකක්ද පොලීසිය සොයාගෙන ඇත. මොවුන් අධිකරණ සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු කර ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

Related posts

ප්‍රබල ඇමති බිරියට බැදුම්කර බෑණාගෙන් ‘රේන්ජ් රෝවරයක්‘ තෑගි !

colombotoday

කහ කිලෝ 1157ක් සමග දෙකක් අත්අඩංගුවට

colombotoday

නැගෙනහිර මාංශ අලෙවිසැල් වසා දැමේ

Admin

ජනාධිපතිට වැඩකරන රටක් බිහි කිරීමට නිලධාරීන්ගේ කාර්යක්ෂම සේවය අවශ්‍යයි – ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කියයි

colombotoday

සෝභිත හිමියන්ගේ දේපළ අයිති කරගැනීමට පිරිසක් කුමන්ත්‍රණය කරනවා – නාග විහාරයේ ගැටළුව ගැන සිරි සුජාත හිමියන් කරුණු පහදයි

colombotoday

ඇලෝසියස්ගෙන් මුදල් ගත් 118 හෙළි කරන්නද? ජනපති ලේකම් නීතිපති උපදෙස් පතයි

colombotoday