Colombo Today Local News

ගෝලීය ද්‍රවිඩ සංසදයේ තහනම ඉවතට, පූජක ලොක්කා ළගදීම ලංකාවට

sj emmanuelලංකාවට පැමිණීමට සූදානම් වන ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධානී එස්.ජේ. එම්මානුවෙල් පූජකයාගේ ලංකා ගමනට පෙර ශ්‍රී ලංකාව තුළ එම සංවිධානයට පනවා ඇති තහනම ඉවත් කිරීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යාංශ අරංචිමාර්ග සදහන් කරයි.

තහනම් කොට තිබෙන ගෝලීය දෙමළ සංසදයට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා රජය විසින් ආරාධනා කොට තිබෙන බව එම්මානුවෙල් පූජකයා විසින් ස්විස්ටර්ලන්තයේ සෙයිට් ප්‍රාගන් පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. ජනාධිපතිවරයා ඇතුළු ඉහළ පෙලේ නියෝජිත මණ්ඩලයක් පසුගිය මාර්තු මාසයේ ලන්ඩනයේදී හමුවූ අවස්ථාවේ මෙම ආරාධනය කළ බවත් තමන් එම ආරාධනය පිළිගත් බවත් එම පූජකවරයා විසින් ප්‍රකාශ කර තිබිනි. ලන්ඩන් සාකච්ඡාව සදහා විදේශ අමාත්‍ය මංගල සමරවීර, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා, පුනරුත්තාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.ස්වාමිනාදන් යන ඇමතිවරු මෙම සාකච්ඡාවට සහභාගී වී ඇත.

ගෝලීය ද්‍රවිඩ සංසදය සැලකෙන්නේ ප්‍රමුඛම පෙළේ ඊළාම්වාදී ජාත්‍යන්තර සංවිධානය ලෙසයි. එල්.ටී.ටී.ඊ ය විසින් කරන ලද කෘර මිනිස් ඝාතන ජාත්‍යන්තරය හමුවේ සාධාරණීකරණය කිරීමටත් ඊළාම් මතවාදය සහ ශ්‍රී ලංකාවට එරෙහිව ව්‍යාජ මතවාද ජාත්‍යන්තරයේ ප්‍රචලිත කිරීමට ක්‍රියාකළ ප්‍රමුඛතම පුද්ගලයෙකු ලෙසයි එස්.ජේ.එම්මානුවෙල් පූජකතැන සැළකෙන්නේ.

මේ අතර පසුගිය රජය විසින් තහනමට ලක් කළ කොටි සංවිධානයට හිතවත් සංවිධාන 17 ක් සහ කොටි හිතවාදීන් හාරසියයක් සම්බන්ධයෙන් යළි සමාලෝචනයක් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය සුදානම්වන බවද වාර්තා වේ. විදේශ අමාත්‍යාංශය විසින් කරන ලද ඉල්ලීමක් මත ආරක්ෂක අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයෙන් හා හමුදා බුද්ධි අංශවලින් නිරීක්ෂණ වාර්තා ඉල්ලා ඇතැයි පැවසේ.

Related posts

උගතුන්, බුද්ධිමතුන් හොයන පාර්ලිමේන්තුවට, කෑගල්ලෙන් අංක 1න් උගත් තරුණ නායකත්වයක් !

colombotoday

සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නෙන් තුවාල ලැබූ තරුණයා මිය යයි

colombotoday

හුදෙකලා කල ගම්මාන යලි විවෘතයි

colombotoday

වැලි මාෆියාව නවතන්න රටවටේ වැලි බෙදා හැරීම වෙනස් වෙයි

colombotoday

ආපදා හේතුවෙන් වසා තැබෙන බස්නාහිර, සබරගමුව පාසල් මෙන්න

colombotoday

“ප්‍රතිලාභ ලැබුවත් දක්ෂිණ අධිවේගය නඩත්තු කරගන්නවත් මේ රජයට බෑ” – නාමල්

colombotoday