Colombo Today Local News

ගිලන් රථ රියැදුරකුට පහර දුන් මහජන සෞඛ්‍ය පරීක්ෂක රිමාන්ඩ්

කොළඹ නුවර ප‍්‍රධාන මාර්ගයේ ගම්පහ බැලූ‍ම්මහර ප‍්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් ගිලන් රථ රියැදුරකුට පහර දී තුවාල සිදු කළ අත්තනගල්ල මහජන සෞඛ්‍ය පරීකෂකවරයකු සහ තවත් සැකකරුවකු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ගම්පහ වැඩ බලන මහෙස්ත‍්‍රාත් මහෙෂ් හේරත් මහතා ඊයේ (24) සවස නියෝග කළේය.

අත්තනගල්ල සෞඛ්‍ය අධිකාරී කාර්යාලයට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු වූ අමිල ප‍්‍රදීප් කුමාර සහ ඔහු සමග සිටි සුපුන් තරිඳු නමැත්තා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූහ.

පෙරේදා (23 දා) රාත‍්‍රී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ගමන් ගත් මෝටර් රථයට ඉදිරියට යෑමට ගිලන් රථය ඉඩ නොදීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකදී එම පහර දීම සිදු වී ඇති බව යක්කල පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළ අතර රිමාන්ඞ් භාරයට පත් සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් 26 වැනිදාට ගම්පහ මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීමට නියම කරන ලදී.

Related posts

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය හෙට උදෑසන ඇරඹේ

colombotoday

වැල්ලවත්ත නසීර් වත්ත ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කෙරේ

colombotoday

තවත් යුද හමුදා බුද්ධි නිලධාරීන් 38ක් CIDයට

colombotoday

ආයතන සීයකින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි 3000ක බදු පොල්ලක්

colombotoday

මට ඕන තීන්දුව නොදුන් විනිසුරු ඉවත්කර, අපේ විනිසුරුවෙක් දාල මට ඕන නඩු තීන්දුව ගත්තා !

colombotoday

එන්නත එපා කී රතන හිමි යුධ හමුදා රෝහලට ගොස් එන්නත ලබාගෙන

colombotoday