Colombo Today Local News

ගත වූ මාසය තුළ ‘වන’ විනාශය දිනකට අක්කර 03ක්

ගත වූ මාසයක කාලය තුළ දිනකට අක්කර 3 බැගින් මෙරට වන විනාශයන් සිදුව ඇතැයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.

එහි ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ දේශපාලන බලය යොදා ගනිමින් මෙරට සිදු කෙරෙන වන විනාශයන් නතර කිරීමට ජනාධිපතිවරයා කඩිනම් පියවර නොගතහොත් ඉදිරියේදී මෙරට වනාන්තර පද්ධතිය දැඩි අවදානමකට ලක් විය හැකි බවයි.

ආනවිලූන්දාව, වනාතවිල්ලූව වැනි ප‍්‍රදේශවල මෑත කාලයේ සිදුවූ පරිසර හානි පිළිබද දැඩි කතාබහක් ඇති වුණා. පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් කියාසිටියේ එලූවන්කුලම වනාතවිල්ලූව ප‍්‍රදේශයේ අක්කර 100ක් පුලූස්සා එලිපෙහෙලි කිරීම හේතුවෙන් එහි තිබූ වටිනා ගස් විනාශ වී ඇති බවයි.

මේ අතර වනජීවි හා වන සංරක්ෂණය සම්බන්ධයෙන් ඇති පැමිණිලි ලබා දීම සඳහා පැය 24 ම කි‍්‍රයාත්මක 1992 ඍජු ඇමතුම් අංකය හඳුන්වා දී තිබේ.

ඒ අනුව කැලෑ ගිනි තැබීම්, කැලෑ එළිකිරීම්, සතුන් දඩයම් කිරීම් හා මඳු ඇටවීම් වැනි සිද්ධීන් සම්බන්ධයෙන් ඒ හරහා පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

Related posts

තවත් කොරෝනා ආසාදිතයෙක් කලවානෙන් හමුවේ.. වෙළදසැල් වසා දමයි

colombotoday

අද වනවිට තරුණ පරපුර ආගම ධර්මයෙන් ඈත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි

colombotoday

වසර දෙකහමාර තුළ 31,000කට ද්විත්ව පුරවැසිභාවය !

colombotoday

මධුෂ් – අමල් ඇතුළු පිරිස අද ශ‍්‍රී ලංකාවට

colombotoday

බොරතෙල් මිල ඉහළට

colombotoday

අද සහ හෙට විදුලි කප්පාදුවක්

colombotoday