Colombo Today Local News

කෝටි දෙකක් අල්ලස්ගත් ජනපති කාර්යමණ්ඩල ප්‍රධානියාට, දැව සංස්ථා සභාපතිට ඇප ඉල්ලීම කල්යයි

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර ඉන්දියානු සමාගමකට පවරාදීමට අනුමැතිය හිමිකර දීම සඳහා රුපියල් මිලියන 540ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක් ලබාගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගර ගතව සිටින හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම සහ හිටපු රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියදාස දිසානායක යන දෙදෙනා විසින් සිදුකර තිබූ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම ලබන 26 දක්වා කල් තැබීමට අද(19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර තිබේ.

එම නියෝගය ප්‍රකාශයට පත් කිරීම අදට නියමිතව තිබුණ ද එම නියෝගය තවමත් සූදානම්කර නොමැති බැවින් 26 දක්වා කල් තැබීමට නියම කෙරුණි.

එබැවින් ලබන 26 දක්වා සැකකරුවෝ යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

මෙහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අධිකරණය හමුවේ වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සැකකරුවන්ගේ කටහඬ පරීක්ෂා කිරීමට ලබන 29 වැනිදා ඔවුන් රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට අදාල නියෝගය ලබාදෙන ලෙසයි.

ලබන 26 වැනිදා ඇප නියෝගය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැවින් එදිනට පසු මෙම නියෝගය ලබාදීම සම්බන්ධව කටයුතු කරන බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශකර සිටියේය.

Related posts

සහරාන්ගේ දියණිය බිරිඳගේ දෙමාපියන් භාරයට

colombotoday

එකම ප්‍රශ්නය අසමින් ගෝඨාභය දවස පුරා FCID එකේ රස්තියාදු කෙරේ

colombotoday

මත්කරල් 490 ක් සමඟ අයෙක් අල්ලයි

Admin

පැය 24 ක් තුලදී 663ක් අත්අඩංගුවට

Admin

දුම්රියේත් යහපාලනය තිතටම.. ඇබෑර්තු ඇත.. තනතුරු ඇමති හෙංචයියන්ට පමණයි !

colombotoday

“ඒකාබද්ධ විපක්ෂය” නීති විරෝධී නමක්.. ඒ ගැන ලීවොත්, කීවොත් මාධ්‍යවේදීන් නීතිය හමුවට – ජනමාධ්‍ය ලේකම්

colombotoday